කෙසේ වෙතත් මෙම පොත සම්බන්ධයෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් දෙසැම්බර් 24 දින ප්‍රකාශ කළේ එය බෙදා හැරීම අවලංගු කළ යුතු බවයි.
යහපාලන ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙන් 7
ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති “හතේ අපේ පොත” වහාම අවලංගු කළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ දෙසැම්බර් 24 පැපිලියාන සුනේත්රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, රාජිත සේනාරත්න හා අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන් දෙදෙනාගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් එම පෙළ පොත එම වයසේ දරුවන්ගේ මානසික මට්ටමට නොගැළපෙන බවයි.
සමාජ ගුණධර්මයන්ට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින් මෙම පොත සම්පාදනය කර ඇති බව පෙන්වා උන්වහන්සේ කියා සිටින්නේ සමාජ සබඳතා පිළිබඳ දරුවන් හට අනියත බියක් හා සැකයක් ඇති කර ඇති බවයි.
මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන බව පැවසු උන්වහන්සේ මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් පමණක් බවද අවධාරණය කළහ.
ඒ නිසා මෙම පොත තහනම කරන ලෙස වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසීය.

under the courtesy of rivira.lk news web