පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය හා ගල්ලෑල්ල අතර ප්‍රදේශය, ගංවතුර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී රථවාහන ධාවනය කළ නොහැකිව තිබියදී, මඟීන් පිරිසක් රැගෙත් බස් රථයක් ගංවතුර මැද්දේ ධාවනය කළ බව කියන, පෞද්ගලික බස් රථයේ රියදුරා හා එහි කොන්දොස්තරවරයා මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය නියෝග කළා.
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය හා අපරික්ෂාකාරී ක්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොළොන්නරු පොලිසිය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන

අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය මාර්ගය ගංවතුරට යටවී තිබියදී මනම්පිටිය, පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශය හරහා යාමට උත්සහ කරද්දි මඟීන් 54 දෙනෙකු රැගත් බසය ගංවතුරට ගසාගෙන ගොස් ඇති අතර පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයකින් පසුව එම පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන පැමිණි බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියා.

under the courtesy of gossip.hirufm.lk news web