Sunday, December 1, 2019

වලපනේ නායයෑමකින් එකම පවුලේ තුන්දෙනෙකු මරුට, පුතු අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ තුනක් වාර්තාවී තිබෙනවා.

එම දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 2261 ක්.

බදුල්ල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, කළුතර, හම්බන්තොට, කෑගල්ල, මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි මෙලෙස අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ.

ඒ අතුරින් බදුල්ල, නුවරඑළිය, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මේ වනවිටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

නුවරඑළිය - වලපනේ - මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එකම පවුලේ
සිව් දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තාවූයේ ඊයේ රාත්‍රියේදියි.

එම නිවසේ සිටි මව, පියා සහ දියණියගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති අතර, හෙට දිනයේ සාමාන්‍ය විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි 17 හැවිරිදි පුතුගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායගිය ස්ථානයේ මෙහෙයුම් සඳහා යුද හමුදාවේද සහයද ලබාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ජල ගැලීම්වලට ලක්ව ඇති ප්‍රදේශවල ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා. එම මාර්ගවල ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවදුරටත් වැසි පැවතීම හේතුවෙන් ගස් කඩාවැටී අවහිර වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීම අපහසු වී ඇති බවයි.

අධික වැසි සමඟ කළු සහ නිල්වලා ගංඟා පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තත්ත්වය නිසා අත්තනගලු ඔය අවට පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම උඩවලව ජලාශයේ වාන් දොරටු පහම මේ වනවිට විවෘත කර තිබෙනවා. එම නිසා ඒ අවට පහත්බිම්වල ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවයි උඩවලව ජලාශයේ ප්‍රධාන ඉංජිනේරු සුජීව ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තාවනවා.

දියතලාව, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, රුවන්වැල්ල, බලංගොඩ සහ කුරුණෑගල ප්‍රදේශවලින් විදුලි බිඳවැටීම් පිළිබඳ මේ වනවිට වාර්තාවී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මේ හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 5,000 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි.

මතුව ඇති අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වන්නේ මේ වනවිට පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් හේතුවෙන් අවහිර වී ඇති මාර්ග හැකිතාක් ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ලබාගෙන ඇති බවයි.

එමෙන්ම ආපදාවට ලක්වූ ජනතාවට සහන සැළසීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස රජය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි සහිත තත්ත්වය තවත් දින 5 ක පමණ කාලසීමාවක් බල පැවැත්විය හැකි බවයි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 243 ක්.

ඊට අමතරව කුරුණෑගලට මිලිමීටර 188 ක වර්ෂාපතනයක්ද, අනුරාධපුරයට මිලිමීටර 172 ක වර්ෂා පතනයක්ද වාර්තාවී තිබෙනවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka