Friday, November 22, 2019

"ආසනයෙන් පමණක් පුරප්පාඩු පුරවන්න ඇමතිවරුන්ට බැහැ" - නව රජයේ දිවුරුම් දුන් ඇමතිවරුන්ට ජනපතිගෙන් උපදෙස් - Video

ව්‍යවස්ථානුකූලව ලද පළමු අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යොමු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම තේරීම් මණ්ඩලයකින් සිදුකරන බවයි.

භාරකාර ආණ්ඩුවේ 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඒ අනුව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු,
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කෙරුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් දිවුරුම් දුන් අතර, මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දුන්නේ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසයි.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පවිත්‍රාදේවි වන්නිආරච්චි දිවුරුම් දුන්නේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ දිවුරුම් දුන්නේ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙසයි.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන දිවුරුම් දුන්නේ පරිසර සහ වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ සහ ප්‍රසන්න රණතුංග කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් අතර ඔවුන් පළමු වරට අමාත්‍ය ධුරයක දිවුරුම් දීම විශේෂත්වයක්.

මෙහිදී රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට හිමි වූයේ වැවිළි කර්මාන්ත සහ අපනයන, කෘෂිකර්ම අමාත්‍ය ධුරයයි. කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරය ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හිමි වුණා.
 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka