Friday, November 22, 2019

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි - Video

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර සිදුවුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදුකෙරුණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

ඩග්ලස් දේවානන්ද මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයේදි දිවුරුම් දුන් අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, චමල් රාජපක්ෂ මහතා මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතායි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග හා මහා මාර්ග, වරාය හානාවික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

විමල් වීරවංශ මහතා දිවුරුම් දෙනු ලැබුවේ කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත සහ සැපයුම් කළමණාකරන අමාත්‍යවරයා ලෙසයි.

මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමණාකරන, විදුලි බල හාබල ශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

එස්.එම් චන්ද්‍රසේන මහතා පරිසර හා වන ජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දෙනු ලැබුවේ කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.
 
under the courtesy of sinhala.adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka