Wednesday, November 20, 2019

රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි - Video

පසුගිය වසර පහක කාලය තුළ මෙරටේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා සිය පාර්ශවය කටයුතු කළා සේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කඵ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය විශේෂ ප්‍රකාශ කරමින් මේ බව ප්‍රකාශ කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළ බවත් පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා
සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් ලද එක් ප්‍රතිඵලයක් බවත් ඒ මහතා පවසයි.

සිය පාර්ශවය කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය වැඩි දුරත්,

" මම 19 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමු වුණා.

එතුමා සම පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.

පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා.

මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා.

මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා.

හොඳ වගේම නරක අහන්නත් ලැබුණා.

මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළුදෙනාටම ස්තුතිය පිරිනමනවා.

මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා."


under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka