Wednesday, November 6, 2019

"නිතරම පාඩම් කරපු පුතාට තදබල හිසරදයක් හැදුණා, ඒ නිසා එයා මානසිකව වැටිලා හිටියේ.." - සබරගමු සරසවි සිසුවාගේ මරණ පරීක්ෂණයේදී ඔහුගේ මව හඬා වැළපෙමින් කියයි - Photo

"පුතා කැම්පස් එකේ ඉන්නකොට එකපාරම සිහිය නැතිවෙලා වැටිලා තියෙනවා. එවිට පුතා බළංගොඩ රෝහලට ගෙනගොස් තිබෙනවා. එතැනින් කොළඹ ජාතික රෝහලට මාරු කළායින් පසුව දැඩි සත්කාර ඒකකයේදී පුතා මිය ගියා.."

උගුරේ ප්‍රධාන නාලයක් හදිසියේ පිපිරීමෙන් සිදුවූ ලේ ගැලීම හේතුවෙන් මියගිය විශ්ව විද්‍යාල සිසුවා පිළිබඳ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවති සාක්ෂි විභාගයේදී මියගිය අයගේ මව වන වයිරම්බුගෙදර ජිවරාණි මහත්මිය සාක්ෂිය දෙමින් එසේ සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිගහමඩගෙදර, නිල්දන්ඩාහේන, බළංගොඩ පදිංචිව සිට සබරගමු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගැනුම ලැබූ දෙහිමඩගෙදර තිවංක ඉෂාන් මධුරංග නැමැති 26 හැවිරිදි ශිෂ්‍යයෙක්.

මෙම මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රොෆ් රූමි මහතා
ඉදිරියේ පැවැත්වුණා.

මියගිය අයගේ මව වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

"මගෙ එකම දරුවා තමයි මියගියේ. පුතාගේ තාත්තා රැකියාවක් කරන්නේ නැහැ. මට වෙන දරුවෝ නැහැ. මියගිය පුතා සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තා. ඔහු දෙවන වසර අවසන් කර තුන්වැනි වසරේ ඉගැනුම ලබමින් හිටියේ. පුතාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. ඔහු නිතරම පාඩම් කරනවා. ඒ නිසා ඔහුගේ ඔලුවේ කැක්කුමක් හැදුණා. ඔහු මානසික තත්ත්වයෙන් වැටිලා වැඩියෙන් නිදාගන්නවා..."

"පුතා විශ්ව විද්‍යාලයට යන්න කලින් තමයි ඒක වුණේ. ඒකට ප්‍රතිකාර ගත්තා. පසුව හොඳවෙලා කැම්පස් එකේ ඉන්නකොටත් බෙහෙත් බිව්වා. මේ මාසේ දෙවැනිදා පුතා කැම්පස් එකේ හිටියා. එහිදි සිහි නැතුව වැටිලා තිබෙනවා. අපට ආරංචි වුණේ එදින රාත්‍රීයේ..."

"අසනීප වූ පුතා බලංගොඩ රෝහලට ගෙන ගොස් තිබුණා. අපි පුතා බලන්න යනකොට ජාතික රෝහලට මාරු කර තිබුණා. පුතාට හොඳටම අමාරු වෙලා ජාතික රෝහලට ගේන්න කලින් අවිස්සාවේල්ල රෝහලට ගෙනිහින් තියනවා. එතැනින් තමයි කොළඹ ජාතික රෝහලට ගෙනාවේ. ජාතික රෝහලේ දැඩි සත්කාරයේදි පුතා මිය ගියා..."

කෙසේ වෙතත වෛද්‍ය වාර්තාව අනුව මෙය ස්වභාවික මරණයක් බව මරණ පරීක්ෂකවරයා තීරණය කළා.
under the courtesy of Lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka