Monday, November 18, 2019

රාජ්‍ය ආයතනවල මින් ඉදිරියට ජනපති රුව නෑ

මින් ඉදිරියට සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙසත්, මාර්ග නාම පුවරුවල ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයින්ගේ ඡායාරූප ඉවත් කර මාර්ගයේ නම පමණක් ප්‍රදර්ශනයට තබන ලෙසත් තමා උපදෙස් දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දෙරණට සඳහන් කළේය.

ඒ අනුව එම උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය අද දිනයේදීම දක්නට ලැබුණි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායෙහි වෙනසක් සිදු කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස උපදෙස් ලබා
දී ඇත.

ඒ අනුව ඇතැම් රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ආකාරය අද දක්නට ලැබුණි.

මේ අතර ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යධුරය දැරූ හරීන් ප්‍රනාන්දු මහතා අද සිය අමාත්‍යංශයෙන් සමුගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවේදීද ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කලේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇරයුම් කර ඇත.

ජනාධිපතිවරයා එම ඇරයුම පිළිගෙන ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාල නිල ට්වීටර් ගිණුමෙහි තහවුරු කර තිබුණි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර ඇත.

එම කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවකට සහය දැක්වීමේදී යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම්වල දියුණුව සහ සංහිදියාව යන කරුණු සම්බන්ධයෙන් , තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ජනපති ධජය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරුණි.

නිල ධජයේ ප්‍රධාන වර්ණය කුරහන් ධාන්‍යෙය් වර්ණය වන තද දුඹුරු පැහැය වන අතර පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වී ඇත.

එහි සිව්කොණ පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාසයත්, සිව්කොණ පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරයත් පිළිබිඹු කෙරෙන බව සඳහන්.

එක සමාන පළලකින් යුත් කහ පටිය මගින් ජනපති ධජයේ සියලු කොටස් එකට බැදී පවතින අතර ඒතුලින් සියලු ජාතීන් අතර එකමුතුව , සාමය අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවගුණයත් අර්ථ ගන්වා ඇත.
 
under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka