Saturday, November 30, 2019

ඩුබායිහිදී ශ‍්‍රී ලාංකික කත මරා අධි ශීතකරණයේ හංගලා දේහය ශ‍්‍රී ලංකාවට ගෙන එයි

ඩුබායි හි වසර 37 ක් ගෘහ සේවිකාව ලෙස සේවය කළ 60 හැවිරිදි එක්දරු මවක් ඇය ඩුබායිහි කුලියට සිටි නිවසේදී ඝාතනය කර එහි අධිශීතකරණයක් තුළ බහා දේහය සැ`ගවීමේ සිද්ධියක් පිළිබඳව මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා හමුවේ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ ඊයේ (28 දා* පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.

 මෙලෙස කුරිරු ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පහ වලව්වත්තේ අංක. 313/47 දරණ නිවසේ පදිංචිව සිටි කළුවාදේවගේ ශ‍්‍රීයා කුමුදුනී (60* නමැති එක්දරු මවයි. මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව මියගිය තැනැත්තිය ඩුබායිහි ගෘහ සේවිකාවක් වශයෙන් එරටට ගොස් ඇත්තේ වසර 37 කට පෙරය. ඇය විටින් විට තම මව්බිමට පැමිණ ඇත. ඇය සේවය කොට උපයාගත් මුදලින් අරාබි ජාතිකයකුගේ නිවසක් කුලියට ගෙන එහි රැඳී සිට ඇත.

 මෙහිදී වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා හමුවේ මියගිය තැනැත්තියගේ එකම පුතු වන
ගම්පහ වලව්වත්තේ පදිංචි කේ. චමින්ද පෙරේරා (37* යන අය මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මියගිය තම මව

 වසර 37 ක් ඩුබායි හි  ගෘහසේවිකාවක ලෙස කටයුතු කර දුකසේ උපයාගත් මුදලින් අරාබි ජාතිකයකුගේ නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිටි බව පැවසීය.

 තම මව ඩුබායි හි සිට නිතර තමාව දුරකථනයෙන් අමතන බවත් එහෙත් පසුගිය අගෝස්තු මස සිට තමාට තම මවගෙන් දුරකථන ඇමතුම් නොලද බවත් ඔහු පැවසීය.

 එයට හේතු තමා විසින් සොයා බැලීමේදී කිසිවකු නිර්නාමික දුරකථන පණිවුඩයක් මගින් තමාගේ මව ඝාතනය කර ඇයගේ දේහය අධි ශීතකරණයක රඳවා තිබෙන බවට දැනුම් දුන් බවත් පසුව ඩුබායිහි පොලිසිය පැමිණ එම ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ බවත් පැවසීය.

 පසුව මෙම තත්ත්වය ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දීමෙන් අනතුරුව තම මවගේ මෘත ශරීරය 2019 නොවැම්බර් මස 27 වැනිදා ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට එවා තිබූ බවත් පැවසීය.

 ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එහි වාර්තාව මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව මියගිය තැනැත්තියගේ සිරුර භූමිදානය කිරීම සඳහා ඇගේ පුතු වන කේ. චමින්ද පෙරේරා (37* යන අයට භාර දෙන ලෙසටත් තවදුරටත් නියෝග කළේය.

 මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ගොඞ්ප‍්‍රි කුරේ මහතා

 මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මියගිය තැනැත්තියගේ සිරුර පරීක්‍ෂා කළ අවස්ථාවේ ඇගේ බෙල්ලේ සිට යටි බඩ දක්වා කපා පසුව මසා ඇති බවත් ඇගේ දෑත්වල කැපුම් තුවාල දක්නට ලැබුණ බවත් ඇගේ පියයුරු තැළී කළු පැහැ ගැන්වී තිබෙන බවත් නිරීක්‍ෂණය කර තිබිණි.

under the courtesy of divaina.com news web


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka