Wednesday, November 13, 2019

මිලියනය ඉක්මවූ සිසුන්ට දැනුම බෙදා දී මෙලොවින් සමුගත් යෝග මිත්තණිය, ලෝකයේම කතාබහට ලක්වෙයි

ගුරුවරයකු හෝ ගුරුවරියක වීම අපූරු කාරණයකි. සැබෑ ගුරුවරයකු වීම අභියෝගයකි. සැබෑ වාසනාවකි එහෙත් මිලියනය ඉක්මවූ සිසු පිරිසකට තම දැනුම බෙදා දුන් චරිතයක් වේ නම් ඒ පිළිගන්නට පවා අමාරු කාරණයකැයි යමකුට සිතෙනු නොඅනුමානය.

මේ අතළොස්සක් වාසනාවන්තයන් අතරේ පහන් සිළක්ව දැල්වෙමින් සිටි තමිල්නාඩුවේ වී. ඥානම්මාල් පසුගිය දා මිය ගියේ තම හතළිස් පස් වසරක්ද ඉක්ම වූ ගුරු දිවිය හමාර කරමිනි.

ලොව වයෝවෘද්ධතම යෝගා ගුරුවරිය, උපදේශකවරිය වශයෙන් ප්‍රසිද්ධව සිටි කොයිම්බතුරයේ වී. ඥානම්මාල් මේ ඔක්තෝබරයේ අගභාගයේදී මියගියේ අනූනව (99) හැවිරිදි වියේ පසුවෙද්දීය.

පුරා අවුරුදු හතළිස් පහක් ඉක්මවූ කාලසීමාවක් තුළදී ඇගෙන් ශිල්ප ඥානය ලබාගත් සිසු සිසුවියන්ගේ
සංඛ්‍යාව මිලියනය ඉක්මවන බව සඳහන්ය. ඇගෙන් ගුරු හරුකම් ලද හයසිය දෙනකුට වඩා වැඩි පිරිසක් මේ වනවිට ලොව පුරා යෝග උපදේශකවරුන් ලෙස කටයුතු කරන බවද පැවැසෙයි.

කොයිම්බතුරයේ කෘෂිකාර්මික පවුලක උපන් ඥානම්මාල් යෝග විද්‍යාව ප්‍රගුණ කර තිබුණේ සිය පියාගෙනි. "යෝග මිත්තණිය" (Yoga Grandma) නම් ආදරණීය නාමයෙන් හඳුන්වන්නට යෙදුණු ඥානම්මාල් යෝගාසන පනහකට අධික ප්‍රමාණයක නිපුණත්වය ලබා තිබුණ බවක් පැවැසෙයි.

ඇය යෝගා අධ්‍යාපනය හදාරන්නට පටන්ගෙන තිබුණේ අට හැවිරිදි කෙල්ලකව සිටියදීය. සිය පියා මෙන්ම මුත්තණුවන්ද රජයේ ලියාපදිංචි ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන් වූ බැවින් ඉබේටම පාහේ යෝග විද්‍යාව කෙරෙහි ඇගේ සිත ඇදී යන්නට ඇතැයි සිතිය හැකියි.

"සිද්ධ" ආයුර්වේදයේ සහ කෘෂිකර්මාන්තයේ නම් දැරූ ඥානම්මාල්ගේ පවුල කේරළයේ ඉඩම් හිමියන්ය.

දරුවන් පස් දෙනකු මුනුපුරන් ‍ෙදාළොස් දෙනකු හා මී මුනුපුරන් එකොළොස් දෙනකුගේ ආදරය ලද ඥානම්මාල්ගේ සැමියාද සිද්ධ ආයුර්වේද වෛද්‍යවරයකු විය.

1972 වර්ෂයේ ඇය අතින් ආරම්භ වුණු "ර්ණීලධදඥ කධඨච ඛ්ඥදබපඥ" ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට යෝගා දර්ශනය ගැන ඉගෙන ගන්නට උපකාරී වූ ආයතනයකි. ඇගේ පරම අභිලාෂය වූයේ මතු පරම්පරාවනට යෝග ශාස්ත්‍ර ඥානය ලබාදීමයි. මෙහිදී ඇගේ මූලික අවධානය යොමු වූයේ "ප්‍රාණයාම" කෙරෙහිය.

දශක පහක කාලයක් පුරා විහිද ගිය ඇගේ ඉගැන්වීම් ජීවිතය තුළ දැනුම ලබාදුන් භික්ෂුන් අතරින් හයසිය දෙනකු ඉක්මවා ගිය ප්‍රමාණයක් අප ගිය මඟම යමින් ඉගැන්වීමේ කටයුතු වෙත යොමු වූවෝය. ඉන් 36 දෙනකුට ඇගේ පවුලේ සාමාජිකයන් වීම විශේෂයකි.

මේ විස්මය සම්පන්න ජීවිත කාලය තුළ ඇය කිහිපවිටක්ම රජයෙන් හා විවිධ ආයතනවලින් සම්මානයට පාත්‍ර වී තිබේ. 2016 වර්ෂයේ ඇය "ජාතික නාරි ශක්ති පුරස්කාර්" සම්මානයෙන් පිදුම් ලැබුවේ හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අතිනි.

ඒ වසරේදීම ඕ යෝග රත්න සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඉන්දියාවේ හතරවැනි ඉහළම සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේ 2018 වර්ෂයේදීය. බොහෝ පුවත්පත් වාර්තා කර ඇත්තේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද වයෝවෘද්ධතම පුද්ගලයා ඇය බවයි. රොටරි සමාජය විසින් ද ඇය එම වසරේම පිදුම් ලැබුවේ ජීවිතයට එක්වරක් පමණක් හිමි වන සම්මානයකිනි.

ඇගේ චරිතය සුවිශේෂී වූයේ ලක්ෂ සංඛ්‍යාත සිසුන් ගණනකට මඟ පෙන්වූ ගුරුවරියක හෝ උපදේශකවරියක වශයෙන් පමණක් නොවේ. ඇගේ අරමුණ වූයේ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් හිමිකර දෙන්නටය.

තවදුරටත් කාන්තාවන් මුලුගැන්වී නොසිටිය යුතු බව අවබෝධ කර දෙන්නටය. එමෙන්ම යෝග හරහා තරුණයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවන්නට ඇයට අවශ්‍ය විය.

ඇය ලොව පුරා අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ යූ ටියුබ් හරහා ඉතා අසීරු යෝගාසන කිහිපයක්ම ඉතා පහසුවෙන් සිදුකර පෙන්වීමත් සමඟය. වයස්ගත වුවත් ඇය කෙතරම් කඩිසර හා අධිෂ්ඨානශීලී කාන්තාවක වූයේද යත් ඇය මෑතකදී වරක් ධ්දඤඪචඵ ට්ධබ ඊචතඥදබ වැඩසටහනටද සම්බන්ධ වූවාය.

දිවියේ අවසන් භාගය වනතෙක්ම සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී දිවියක් ගත කළ ඥානම්මාල් මිය යන්නට සතියකට පමණ පෙර සයනයෙන් බිමට වැටුණාය. එතැන් පටන් නිසි සුවයක් නොලද ඕ මේ ඔක්තෝබරයේ අග අවසන් සුසුම් හෙළුෑයේ සියවසකට එකක් අඩු ආයු කාලයක් සක්‍රියව වින්දනය කළ වාසනාවන්තියක වශයෙනි.

"සෞඛ්‍යය ඔබේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුයි. මන්ද සියලු දේ ඔබට ලැබෙන්නේ ඒ හරහා බැවිනි" ඕ නිතර කියන්නට පුරුදුව සිටියාය.

පාලිත ජයකොඩි
මව්බිම
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka