Wednesday, November 6, 2019

රටටම අමතක වු ඩෙංගු

මෙම දිනවල රට තුළ පවතින දේශපාලන උණුසුම මේ වනවිට දිවයින පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පවා සාමාන්‍ය ජනතාවට මෙන්ම බලධාරීන්ට අමතක කරවන තත්ත්වයකට පත් කර තිබේ. මේ පිළිබඳව නොබෝදා කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වූ මාධ්‍යයට සම්බන්ධ බලධරයකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් පෙන්වා දුන්නේ කුමන මැතිවරණයක් රට තුළ පැවැත්වුව ද ජනතාවට පීඩාකාරී ලෙස බලපාන ඩෙංගු ඇතුළු රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ හා එම රෝග මර්දනය කිරීමේ කටයුතු අතපසුවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම රටක වගකීම බවයි.

 කරුණු එසේ නම් දේශපාලන පිල්වලට බෙදී අපේක්ෂකයන් වෙනුවෙන් කරුණු කාරණා කීමට රැුස්වීම්
හා සම්මන්ත‍්‍රණවලට යන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස් සිය දේශපාලන කටයුතු පසෙකලා පැතිර යන ඩෙංගු රෝගය මැඬපැවැත්වීමට ජනතාව වෙනුවෙන් කි‍්‍රයා කළ යුතුව ඇත. මේ වනවිට පසුගිය වසර තුළදී දිවයිනෙන් වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද අභිබවමින් ඩෙංගු රෝගය මෙරට පැතිර
යමින් පැවතිය ද ඒ සම්බන්ධයෙන් වෙනත් වසරවලදී දියත් කෙරෙන ඩෙංගු මර්දන වැඩසටහන්වල අඩුවක් මෙම වසරේ දක්නට ලැබිණි.

 මෙහි ප‍්‍රතිඵලය ලෙස ඩෙංගු මදුරු කීට ඝනත්වය ද කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ ගණනාවකම වැඩි වෙමින් පවතින බව වාර්තා වී ඇති අතර

 පසුගිය ඔක්තෝබර් මාසය තුළ දිවයිනෙන් වාර්තා වී තිබූ මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10,469ක් වූ අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 80 ඉක්මවා ඇති බව බලධාරීහු ප‍්‍රකාශ කර තිබේ.

 සැබැවින්ම වරද සිදුව ඇත්තේ කොතැනද ඩෙංගු රෝගය යනු කුමන ආකාරයේ රෝගයක් ද යන්නත් එය වැළඳෙන ආකාරය රෝග ලක්ෂණ මෙන්ම පැතිරීම වැළැක්වීම සඳහා හා රෝගය වැළඳුණු විට ගත යුතු පියවර පිළිබඳව ජනතාව මේ වනවිට පාසල් මට්ටමේ සිටම දැනුවත්ව සිටින බව නොරහසකි. කෙතරම් දැනුවත් වුව ද අප ජනතාවට සිය පුරුදු ආකල්ප වෙනස් කර ගැනීම සිදු කිරීම අසීරුම දෙයක් බවට මේ වනවිට පත්ව තිබේ.

 ඩෙංගු මදුරුවන් බෝවන පිරිසිදු වැසි ජලය

 එක්රැුස් වන තැඹිලි/පොල් කෝම්බ භාවිතයෙන් පසු දෙකට කපා වැසි ජලය එක් නොවන ලෙස කසළ බඳුනකට නොයොදා මහ මඟ දෙපස දමන්නේත්, කැඩුණු හෝ භාවිතයෙන් ඉවත් කරනු ලබන ටයර් වැසි ජලය එක්රැුස් නොවන පරිදි වැලි පුරවා ඉවත් නොකර මහ මඟ දමන්නේත් හිස් යෝගට්/ අයිස්කී‍්‍රම් කෝප්ප මෙන්ම හිස් ටින් හා පොලිතීන් මහ මඟ දමන්නේත් සාමාන්‍ය ජනතාවමය. දුප්පත් පොහොසත් බේදයකින් තොරව ඔවුන් එසේ කරන්නේ මෙම මාධ්‍යයන් ඩෙංගු මදුරුවන් බිත්තර දමන මාධ්‍ය බව දැන දැනමය.

 එසේ නම් මෙහිදී එක් අතකින් සිදුවිය යුත්තේ ජනතාව තම වැරදි පුරුදු හා ආකල්පවලින් මුදා ගැනීමය. කිරීමට අසීරුතම කාර්යය වන්නේ ද එයයි.

 කුමන හෝ ප‍්‍රදේශයක ඩෙංගු රෝගයට ගොදුරු වී අයෙකු මියගියහොත් එම ප‍්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝ වන ආකර පවත්වා ගෙන යන්නන්ට පහරදී ඔවුන්ගේ දේපළවලට හානි කිරීමට මිනිසුන් පසුබට නොවන්නේ එවලේ හටගන්නා ක්‍ෂණික කෝපය හේතුවෙනි. එහෙත් කලක් ගත වත්ම එසේ පහරදුන් මිනිසුන්ටම ඩෙංගු ආකර පවත්වාගෙන යන්නන් පමණක් නොව ඩෙංගු රෝගය ද අමතක වන්නේ පුදුම සහගත අයුරිනි. අනතුරුව තවත් කුඩා ළමයකු හෝ වැඩිහිටියකු ඩෙංගු මාරයාට ගොදුරු වන තුරු ඔවුන් නින්දේ පසු වේ. මෙරට සැබෑ තත්ත්වය මෙයයි.

 අනෙක් අතට බලධාරීන් ද ඊසාන දිග හා නිරිත දිග මෝසම් වර්ෂාව පවතින කාලසීමාවන් තුළ පමණක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි නිවෙස් හා ආයතන පරීක්ෂා කිරීම සිදු කළ ද එය වසර පුරාම අඛණ්ඩව සිදු කිරීමේ සැලැස්මක් හෝ අරමුණක් ඔවුන්ට ඇති බවක් නොපෙනේ. අතුරු මාර්ගවල පිහිටි නිවාස හා ආයතන ජාතික මදුරු මර්දන සති තුළදී පවා නිසි පරීක්ෂාවකට ලක් නොකිරීම හේතුවෙන් එම ස්ථාන මදුරු ආකර බවට පත් වී තිබේ. අත්හරින ලද ඉඩම්වල ඇති වැසි ජලය පිරෙන වළවල් තුළ අත්හරින ලද වගා ළිං හෝ සාමාන්‍ය ළිංවල ඇතුළත බිත්තිවල ඩෙංගු මදුරුවන් බෝවීමේ අවකාශ වැඩි බව දැන දැනත් ඒවාට එරෙහිව බලධාරීන් කිසිදු දැඩි පියවරක් නොගැනීම ද ඩෙංගු ව්‍යාප්ත වීම කෙරෙහි බලපා තිබේ.

 කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පමණක් මෙවැනි අත්හරින ලද ඉඩම් හා ළිංවල අයිතිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ ද එවැනි තත්ත්වයක් ජාතික මට්ටමින් නොපැවතීම අවාසනාවකි.

 ඩෙංගු මර්දන කටයුතුවලදී අදටත් සිදු කරනුයේ ප‍්‍රධාන මර්ගවල පිහිටි නිවාස හා ආයතන පරීක්ෂා කර ඒ අනුව කටයුතු කිරීම පමණකි.

 අනෙක් අතට පාසල්වල පිහිටුවා ඇති ඩෙංගු මර්දන කමිටු අද සකී‍්‍රය මට්ටමේ නොපැවතීම ද ඩෙංගු පැතිරීම කෙරෙහි අනියම් අයුරින් බලපා තිබේ.

 ඩෙංගු මදුරුවන් අඳුරු ස්ථානවල බිත්තර දැමීමට පි‍්‍රය වීම නිසා පාසල් කාමර ඔවුනට ඒ සඳහා හොඳ තෝතැන්නක් බවට පත්ව තිබේ. පාසල් සිසුවෙකු ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් මිසක පාසල්වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි යන්න පිළිබඳව අද පිරික්සීම් සිදු වන්නේ ද කලාතුරකිනි. ඩෙංගු මදුරුවන් බෝවීමට මඟපාදන අයුරින් ටයර් පදික වේදිකාව තුළ තැනින් තැන දමමින් වාහනවලට සවි කරමින් සිටින කොළඹ පිහිටි මෝටර් රථ අමතර කොටස් සාප්පු පිළිබඳව බලධාරීන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම කනගාටුදායකය.

 ජනතාව එහා මෙහා යන පදික වේදිකාව ද අවහිර කරමින් ටයර් වැසි ජලයට නිරාවරණය කරමින් මෙම සාප්පු විසින් කරගෙන යන වැඩපිළිවෙළ සමාජය තුළ ඩෙංගු පැතිරීම වේගවත් කිරීමට හේතු වී තිබේ.

 දුරගමන් බස් රථ හා දුම්රිය මෙන්ම බස් හා දුම්රිය නැවතුම්පළවල ද ඩෙංගු මදුරුවන් බෝවීමට මඟපාදන තරම් වැසි ජලය පිරෙන මාධ්‍ය එමට දක්නට ඇතත් බලධාරීන් ඒවා ඉවත් කිරීම සම්බන්ධව දක්වන උදාසීන ප‍්‍රතිපත්තිය නිසා අහිංසක ජීවිත කීයක් ඩෙංගු රෝගයට ගොදුරු වන්නට ඇත්දැයි මින් මතුවට හෝ සිතා බලා කටයුතු කළ යුතුව ඇත.

 දිවයිනේ සෑම නිවසක්ම, ආයතනයක්ම මධ්‍යස්ථානයක්ම ආවරණය වන සේ ඩෙංගු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් වසර පුරා අඛණ්ඩව කි‍්‍රයාත්මක කළ යුතු අතර ඒ සඳහා දේශපාලන නායකත්වයක් ද ලබාගත යුතුය. ශී‍්‍ර ලංකාව තුළ වසර පුරා කි‍්‍රයාත්මක වන අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළකින් හැරෙන්නට ඩෙංගු පැතිරෙන විට පමණක් කි‍්‍රයාත්මක කරනු ලබන තාවකාලික ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් හරහා ඩෙංගු පැතිරීම තුරන් කළ නොහැකි බව දැන්වත් සෞඛ්‍ය බලධාරීන් තේරුම්ගත යුතුව ඇත.

 අනෙක් අතට අධික මුදලක් වැය කරමින් ධුමායන යන්ත‍්‍ර (ෆොගින් මැෂින්* මිලදී ගෙන ජනතාවට හුස්ම ගැනීම අපහසු වන සේ නිවාසවලට හා ආයතනවලට කඩා වැදී ඩෙංගු මදුරුවන්ට යැයි කියමින් දුම් ගැසීමේ කි‍්‍රයාවලිය ද ඩෙංගු මර්දනයට ඉවහල් වන ඵලදායි කි‍්‍රයාවක් නොවන බව බලධාරීන් දැන්වත් තේරුම්ගත යුතුව ඇත. දුම් ගැසීමෙන් විනාශ වනුයේ එම අවස්ථාවේ පරිසරය තුළ සිටින ඩෙංගු මදුරුවන් හා කීටයන් පමණක්ම නොව අනෙක් අතට පරිසරයට හිතකාමී කෘමීන් ද ඒ හරහා විනාශ වන බව පවසනුයේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ පිරිස්මය.

 දුම්රිය හා බස් හරහා ඩෙංගු රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යන ප‍්‍රදේශයක සිට තවත් ප‍්‍රදේශයකට ඩෙංගු මදුරු කීටයන් ප‍්‍රවාහනය කරමින් පවතින වාතාවරණයක් තුළ වසර පුරා කි‍්‍රයාත්මක වන අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළකින් මිසක පැලැස්තර වැඩපිළිවළවල්වලින් මෙම රෝගය මැඬලීම අසීරු බව මේ වනවිට පැහැදිලි වී ඇති කරුණකි. වැසි කාලයේ පමණක් නොව වියළි දේශගුණයක් පවතින කාලවලදී ද ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමිය හැකි බව අනාවරණය වී තිබීම නිසා සෞඛ්‍ය බලධාරීන් විධිමත් මර්දන වැඩපිළිවෙළකට යා යුත්තේ ඩෙංගු තුරන් කිරීමේ ඉලක්කයක් ද තබා ගනිමිනි.

 එළැඹෙන ජනාධිපතිවරණය අවසන් වූ පසු එවැනි වැඩපිළිවෙළවල් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ නම් ඒ වනවිට ඩෙංගු මදුරුවා තවත් අහිංසක ජීවිත විශාල ප‍්‍රමාණයක් වනසා තිබෙන්නට පුළුවන.

 මේ නිසා සෞඛ්‍ය බලධාරීන් වැඩි වෙමින් පවතින ඩෙංගු රෝගයේ පැතිරීම පාලනය කිරීම සඳහා පියවර ගත යුත්තේ අද සිට මිසක හෙට සිට නොවන බව මතක් කර දිය යුතුව ඇත.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka