Monday, November 25, 2019

"එදා මාව යටවුන වෙලාවේ හොස්පිටල් එකට අරන් ගියා. ඒත් ඒ වෙනකොට මම මැරිලා" - බස් රථයකට යටවී අවසන් ගමන් ගිය සැමියා, බිරියගේ කුසෙහි යළි ඉපදුන හැටි

පාසල් වියේ සිට මිතුරන් බවට පත්වී සිටි ජැකෝ සහ අයිරින් පදිංචිව සිටි නිවෙස් පිහිටා තිබුණේ තරමක් දුරිනි. ජැකෝ යනුවෙන් තරුණයාව හැඳින්වූයේ ආදර කෙටි නමක් ලෙසිනි. ආර්ථික දුෂ්කරතා තිබූ පවුලේ කරදර නිසා ජැකෝට වැඩිදුර අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. තරුණ වියට එළඹීමත් සමග ඔහු කෙටි කලක් හමුදා සේවයට එක්වී සිටියේය. මේ නිසා ඔහුට පිට ප්‍රදේශවලට යෑමටද සිදුවිය. අනතුරුව ඔහු පිරවුම්හලක සේවයට ගියේය. මේ නිසා ඔහුට ගම් ප්‍රදේශයට නිතර යෑමටද නොහැකි වී තිබිණි. වසර ගණනක් ගතවිය.

තම ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමෙන් පසු ඔහු විවාහයක් ගැන සිත යොමු කරන්නට විය. පාසල් අවදියේ සිට දැන හැඳිනගෙන සිටි අයිරින් පිළිබඳව ඔහුට සිතුණි. ඇය ගැන සිතමින් සිටින අතර ජැකෝට දිනක් අයිරින් හමුවීමට අවස්ථාව ලැබිණි. දෙදෙනා අතර ඇතිවූ කතාබහේදී ඇය විවාහ වී ඇති
බවත් ඒ වන විට දරුවන් සිටින මවක් බවත් අනාවරණය විය. ඇය පිළිබඳ සිතා සිටි ජැකෝගේ සිතුම් බිඳ වැටීම නිසා ඔහු දැඩි සිත් වේදනාවෙන් පසුවිය. ඔහු මත්පැනටද හුරු වී සිටියේය.

අයිරින් සහ ජැකෝගේ හමුවීමෙන් පසු ඔවුනොවුන් ආදරවන්තයින් බවට පත් විය. එහෙත් ඇගේ විවාහය නිසා ජැකෝ කනස්සල්ලෙන් පසුවිය. මේ අතර අයිරින්ට ජැකෝ අමතක කර දැමීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඇය සිය විවාහ සැමියාගෙන් වෙන්වීමය. සැමියා අතහැරදැමූ අයිරින් ජැකෝ සමග ජීවත්වීමට පැමිණියාය. ඔහු මත්පැනට හුරුව සිටීම නතර කරවීමටද ඇය උත්සහා ගත්තාය.

ඔවුන් දෙදෙනා එකට ජීවත්වීම ආරම්භ වීමෙන් පසු ජැකෝගෙන් දරුවෙකු ලබාගැනීමට අයිරින් මහත් ආශාවෙන් සිටියාය. එහෙත් ඒ වනවිට ඇගේ වයස් ප්‍රමාණයද තරුණ්‍යයෙන් ඉවත්ව තිබීම නිසා දරුවෙකු ලැබේදැයි ඇය සැකයෙන් සිටියාය.

ගතවූයේ සුළු කාලයකි. ඇය බලාපොරොත්තු නොවූ ඉරණමකට මුහුණ පෑවායා. එනම් ජැකෝ හදිසි රිය අනතුරකින් මෙලොවින් සමු ගැනීමය. ඒ 1973 වසරේදීය. ජැකෝ ගමන් ගත් බස්රියට යටවී ඔහු මරුමුවට පත්විය. බසයේ ඉදිරි රෝදය ඔහුගේ සිරුර මතින් ධාවනය විය. එය සිදුවූයේ ඔහු බසයෙන් බැසීමෙන් පසු රියැදුරා රථය ඉදිරියට ධාවනය කිරීම නිසාය. ජැකෝ පුනර්භවය විශ්වාස කළ පුද්ගලයෙක් විය. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු මහත් දුකෙන් සිටි අයිරින් වසරක පමණ කාලයක් තනිවී සිටියාය. එහෙත් ඇගේ තනිකම තවදුරටත් තබා ගැනීමට ඇයට නොහැකි විය. දෙවසරකට පසු ඇය නැවත විවාහයක් සිදුකර ගත්තාය. ඒ 1975 වසරේදීය. එහෙත් ඇය ජැකෝගේ සොහොන වෙත වරින් වර යෑමටද පුරුදුව සිටියාය. දිනක් ඇයට එහිදී මියගිය ජැකෝගේ කටහඬ ඇසුණි. ඒ වන විට අයිරින් දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක්​ නොවූවාය.

දින කීපයක් ගතවිය. ඇය දරු පිළිසිඳ ගැනීමකට ලක් වී සිටියාය. මාස නමයක් සම්පූර්ණ වීමත් සමඟ ඇය දරුවෙකු ප්‍රසූත කළාය. එම දරුවා ගැහැනු දරුවෙකු වූවාය. එම දැරියට තාරු යනුවෙන් ඇය නම් තැබුවාය. වසරක් වයස වීමත් සමග එම දැරිය බහ තෝරන්නට වූවාය. තවත් මාස හයක් පමණ ගතවිය. වයස අවුරුදු එකහමාරක් විය. එම දැරියට ඉතා හොඳින් කතාකිරීමේ හැකියාව ලැබිණි.

මාව බස් එකට යටවුණා යැයි ඇගේ පෙර භවය පිළිබඳ ප්‍රථම වදන විය.

දියණියගේ මෙම වදනින් මවිතයට පත්ව සිටි මව දියණියගේ ප්‍රකාශය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළාය. මේ අතර දිනක් මව සිය දියණියට ඇගේ නම කියා ඇමතුවාය. එක් වරම පිළිතුරු දුන් දැරිය මගේ නම ඒක නෙවෙයි. මගේ නම ජැකෝ යයි කීවාය. මවට දෙනෙත් අදහාගත නොහැකි විය. ඇය ප්‍රකාශ කළේ මියගිය තම සැමියාගේ ආදර කෙටි නම විය.

තවත් වසරක් ගතවිය දිනක් මව සමග සිටි දැරිය ඔයා මගේ අම්මා නෙවෙයි. ඔයා දන්නේ නැද්ද මම එතකොට ලොකු මිනිහෙක්. මාව කාරයට යටවී මැරුණා යැයිද කීවාය. දියණියගේ ප්‍රකාශය පැහැදිලි කරගන්නා අදහසින් දියණියට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

ඔයා එතකොට ගෑනුද පිරිමිද? මම පිරිමි ළමයෙක්. පිරිමි ළමයෙක් යයි හඬ නඟා කීවාය.

ඇයව කාරයකට යටවූ බැව් ප්‍රකාශ කිරීම නිසා ඒ පිළිබඳ විමසීමට මව නැවතත් ඇයට ප්‍රශ්නයක් මතු කළාය.

ඔයාව යටවුණේ ලොකු කාර් එකකටද පොඩි කාර් එකකටද?

ඒක ලොකු එකක්. දැරියගේ ක්ෂණික පිළිතුර විය.ඉස්සෙල්ලා යටවුණේ බඩ. ඊට පස්සේ ඔලුව යයිද ඇය කීවාය.

තවත් දිනක් මව ඇමතූ දැරිය මැරෙන්න බය වෙන්න එපා මම කීප විටක්ම මැරුණා. මට තවත් අම්මෙක් ඉන්නවා. යයිද කීවාය. එදා මාව යටවුන වෙලාවේ හොස්පිටල් එකට අරන් ගියා. ඒත් ඒ වෙනකොට මම මැරිලා යයිද දියණිය ප්‍රකාශ කළ බැව් මෙම පුනර්භවය පිළිබඳ සිදුකළ පර්යේෂණයේදී මව ප්‍රකාශ කරනු ලැබීය.

මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ මෙම දැරිය පිළිබඳ පර්යේෂණයේදී එම දැරියගේ හැසිරීම් රටාව පිළිබඳව විමර්ශනයක් සිදුකරනු ලැබීය. එහිදී දැරිය ඉතා කුඩා කළ සිට හමුදා භටයන් සිටින ක්‍රීඩා භාණ්ඩවලට දැඩි ලැදියාවක් දක්වන බැව් නිරීක්ෂණය වී ඇත. ඒ සමගම ඇය බස් රථවලට අතිශය බියක් දක්වා ඇත. කුමන අන්දමේ විශාල රථ වාහන වලටද ඇය අතිශය බියක් දක්වා ඇත්තේ වයස අවුරුදු දෙකේ පමණ සිටය.

වයස අවුරුදු තුනේදී පමණ දිනක් ඇය මව සමග මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියාය. බස් රථයක් දුටු විගස ඇය මාව ඔසවා ගන්න ඔසවා ගන්න යයි හඬන්නට වූවාය. බස් රථය ඔවුන් පසුකර යනතුරුම ඇගේ එම බියපත්වීම දක්නට ලැබිණි. එහෙත් කුඩා කාර් රථ වලට එම බියපත්වීම කිසි විටෙකත් සිදු නොවිණි.

දැරියක වුවත් ඇය හැමවිටම පිරිමි ඇඳුම් ඉල්ලා සිටීමත් විශේෂ සිදුවීමක් ලෙස මෙම පර්යේෂණයේදී හඳුන්වා දී තිබේ. මෙම දැරියගේ පුනර්භව පර්යේෂණයේ තවත් ඉතා වැදගත් සිදුවීම් ලෙස අනාවරණය වන්නේ ඇය වයස අවුරුදු එකේදී පෙරභවය පිළිබඳ අනාවරණය කිරීමය. බස් රථයට යටවූ අන්දම ඇයට ඉතා හොඳ මතකයක් තිබී ඇති බැව් එමගින් දක්නට ලැබේ. ප්‍රථම වරට පෙර භව මරණය සිදුවූ අයුරු ඇය විසින් හෙළි කළ අන්දම මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ.

Her first statement probably occurred soon after she began to speak when she was about 1 year old she said that she had been run over by a bus when she was about one and half years old she rejected the Name යනුවෙන් ඇගේ නම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙම පුනර්භව සිදුවීමේ අතිශය වැදගත් සාක්කියක බවට පත්වී තිබේ.

මෙම දැරියගේ පුනර්භව සාධකයේ තවත් විශේෂත්වයක් වන්නේ එය (Sex change cases) යනුවෙන් හැඳින්වෙන ගැහැනු පිරිමි වෙනස්ව උපත ලැබුණු පුනර්භවයක් ලෙස පිළිගැනීමටය. ඒ සමගම මියගිය සැමියා බිරියගේ කුස තුළින් උපත ලැබීමද අතිශය වැදගත් සිදුවීමක් ලෙස පිළිගැනේ. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තා ඇතුළත් (Investigate cases from the second half of the 20th century) යටතේ ද මෙම සිදුවීම වාර්තාකර ඇත්තේ.

The subject of this case remembered the life of her mothers second husband the case therefore has the feature of a difference in sex between the subject and the previous personality යනුවෙනි.

මියගිය සැමියා ඔහුගේ බිරියගේ කුසයෙන් යළි උපත ලැබීමේ මෙම පුනර්භව සාධකය පිළිබඳව පර්යේෂණය සිදුකරනු ලැබුවේ 1979 වසරේදී පින්ලන්තයේදීය.

මේ හා සමානම තවත් පුනර්භව පර්යේෂණයක් 1972 වසරේදී බුරුමයේදී සිදු කෙරිණි. වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පුනර්භව පර්යේෂණ අංශය මගින් සිදුකළ එම පර්යේෂණයේ පෙර භවය හෙළි කළ දරුවා උපත ලබා තිබුනේ සැමියාගේ දෙවැනි විවාහයේ බිරියගේ කුස තුළිනි.

1959 වසරේදී රෝගී බවට පත්වූ කාන්තාවක් වයස අවුරුදු හතළිස් තුනේදී මරණයට පත්වූවාය. විවාහක කතක් වූ ඇය මරණයට පත්වන තුරුත් දරු සම්පතක් අහිමිව සිටියාය. ඇය මිය යෑමෙන් පසු ඇගේ සැමියා මියගිය බිරියගේ සොහොයුරියක සමග යළි විවාහ වූයේය. එම විවාහයෙන් හරියටම වසරකට පසු එම කාන්තාව දරු ප්‍රසූතියක් සිදු කළාය. ඇගේ දරුවා බහතෝරන වියට පත්ව ඇය ප්‍රකාශ කළේ ඔවුන් ජීවත් වූ නිවසේ ඇය නැවතත් ජීවත්වන බවය.

මෙම දැරිය මගින් ඇගේ පෙරභවය පිළිබඳ වැඩි තොරතුරක් අනාවරණය නොවිණි. එහෙත් ඇගේ පෙරභව ඥාතීන් කීප දෙනෙක්ම ඇය විසින් නිවැරදිව හඳුනාගනු ලැබුවාය. තම දියණියගේ පෙරභවය පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට සිතූ පියා මියගිය බිරියගේ රන් ආභරණ ඇතූළු ඇයට අයත්ව තිබූ ඇඳුම් කීපයක්ද දැරිය වෙත ඉදිරිපත් කළේය. එම භාණ්ඩ අතරින් කීපයක්ම දැරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබුවාය.

බුරුමයේ පුනර්භව පර්යේෂකයෙකු වූ සුවින් මන්ග් විසින්ද මෙම දැරිය පිළිබඳ පර්යේෂණයක නිරතවීමෙන් පසු පර්යේෂණ වාර්තාවක් සකස් කළේය.

මෙම පුනර්භව සාධක දෙකේදීම මියගිය පුද්ගලයන් මව විසින් සිහිනෙන් දැක තිබීමද විශේෂ සිදුවීම් ලෙස සලකනු ලැ​බේ. පුනර්භව පර්යේෂණ වලදී (Announcing Dreams) දැනුම්දෙන සිහින යටතේ මෙම සිදුවීම් වාර්තාවලට ඇතුළත් වී ඇත.
 
under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka