Monday, November 25, 2019

"සර්... මට වාවගන්න බැරුවයි හිටියේ, නෙතුලිගේ අම්මයි තාත්තයි ගතකරන ලස්සන පවුල් ජීවිතය දැක්කහම"... - ඊර්ෂ්‍යාව නිසා අහිංසක මල් කැකුළෙන් පළිගත්ත අසල්වැසි ගිම්හානිගේ පාපොච්චාරණය මෙන්න

පසු­ගිය 19 වැනි­දාට හිරු උදා වුණත් එදින හද­කම්පා කරන පුව­තක් අස­න්නට ලැබේ යැයි අනු­රා­ධපු‍ර, ගල්නෑව ප්‍රදේ­ශයේ කිසි­වෙ­කුත් නොසි­තු­වේය. සමන් විජේ­සිංහ මහතා ගල්නෑව මධ්‍ය මහා විද්‍යා­ලයේ ගුරු­ව­ර­යෙකි. ඔහුගේ බිරිය ගල්නෑව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ලිපි­කා­රි­ණි­යකි. කුරුලු කැදැ­ල්ලක් වන් සුන්දර පවුල් දිවි­යක් ගත කළ ඔවුහු ගල්නෑව, මිදෙ­ල්ලෑව, සිය­ඹ­ලෑව නෑග­ම්පහ ලිපි­නයේ විසූහ. මේ දෙදෙ­නාට දාව දරු­වන් දෙදෙ­නෙකි. වැඩි­ම­හල් පුතුට වයස දහ­යකි. සුර­තල් දඟ­කා­රි­යක් වූ 'සුදු නෝනා' නමින් කවු­රුත් ඇමතු බාල දිය­ණිය නෙතුන්‍යා නෙතුලි විජේ­සිං­හයි. මේ දැරිය වයස අවු­රුදු තුනයි මාස හත­රක කොයි කාගේත් සුර­ත­ලි­යකි.

රජයේ රැකි­යා­වක නියැළි මේ මාපිය දෙපළ රැකි­යා­වට යද්දී දරු­වන් බලා­කියා ගත්තෙ සමන්ගේ බිරි­යගේ මවයි. පසු­ගිය දහ­නව වැනිදා ද මේ මව්පිය දෙදෙනා සුපු­රුදු පරිදි රැකි­යා­වට ගියේය. වැඩි­ම­හල් පුත්‍ර­යාද
පාසල් ගියේය.

සම­න්ලාගේ නිවෙ­සට යාබ­දව මීටර් දහ­යක, පහ­ළො­වක පමණ ඈතින් තිබෙන නිවසේ වෙසෙන්නෙ ඔවුන්ගේ ඥාති පිරි­සකි. එම නිවෙසේ වෙසෙන වැඩි­හිටි යුව­ළට සිටින්නේ දිය­ණි­යකි. ගිම්හානි නම් ඇය අවු­රුදු විසි­හ­ත­රක විවා­හක කාන්තා­වකි.

ඉතා හොඳින් අධ්‍යා­ප­නය ලැබූ ඇය විශ්ව­වි­ද්‍යාල සුදු­සු­කම් ලැබී­මට ලකුණු කිහි­ප­යක් මඳ­ක­මින් අධ්‍යා­ප­නය අත­ර­මඟ නත­ර­කර ඇත. පසුව යුද හමුදා සෙබ­ළෙක් සමඟ ඇතිවූ පෙම් පළ­හි­ල­ව්ව­කින් විවා­හ­යක් කර­ගෙන හමුදා සෙබ­ළාගේ නිවෙසේ ජීවත් වුවත් ඇතිවූ අඩ­ද­බර හේතු­වෙන් පසුව තම දෙමා­පි­යන්ගේ සෙව­ණට පැමිණ ජීවත් වූවාය. සැමි­යාද එම නිවෙ­සට ආගි­යත් දෙදෙනා අතර නිතර දෙවෙලේ අඩ­ද­බර ඇති­විය. එම නිසා ඔවුන්ගේ පවුල් දිවිය හැළ­හැ­ප්පිලි මැද ගෙවී ගොස් තිබුණි. ගිම්හා­නිගේ පවුල් දිවියේ අඬ­ද­බර ඇති­වී­මට ප්‍රධාන ලෙසම බලපා තිබුණේ ඔවු­නට දරු සම්ප­තක් නොමැති වීම බවට සැලවේ.

ගිම්හානි සමන්ගේ දරු­වන්ට පණ මෙන් ආද­රය කළාය. නිතර දෙවේලේ සමන්ගේ නිවෙ­සට යනෙන ඇය එම දරු­වන් සමඟ සතුටු වන්නීය. සමන්ගේ සුර­තල් දිය­ණිය 'සුදු නෝනා' නිතර දෙවෙලේ ගිම්හානි විසින් සුර­තල් ක‍ළාය. දහ­වල් කාලයේ ආච්චි සමඟ නිවෙසේ තනි­වන නෙතුලි දිය­ණි­යව ගිම්හානි බොහෝ අව­ස්ථා­ව­ලදී තම නිවෙ­ස­ටද රැගෙන යන්නීය. එසේ නෙතු­ලිව එම නිවෙ­සට රැගෙන යාම ගැන කිසි­ව­කු­ගෙන් කිසිදු බාධා­වක් නොවීය. ඒ ගිම්හානි, නෙතු­ලිට බොහෝ සේ ආද­රය කරන බව සැවොම දැන සිටි හෙයිනි.

පසු­ගිය දහ­නව වැනි­දාද සමන්ගේ නිවෙ­සට පැමිණි ගිම්හානි, සුදු නෝනා වඩා­ගෙන යළිත් ඇගේ නිවෙ­සට රැගෙන ගොස් තිබු­ණාය. ඒ යන මොහොතේ ඇය, සුදු නෝනාගේ ආච්චි අම්මාට පවසා තිබුණේ,

“නැන්දේ... මං සුදු නෝනව ගෙදර එක්ක­ගෙන යනවා... ටික­කින් එව­න්නම්“ යනු­වෙන් පව­ස­මිණි.

එදින පෙර­වරු දහ­ය­හ­මා­රට පමණ රැගෙන ගිය මිනි­පි­රිය සාමා­න්‍ය­යෙන් විනාඩි කිහි­ප­යක් ගත­වෙද්දී යළිත් නිවෙ­සට රැගෙන ඒම සාමාන්‍ය සිරි­තකි. එහෙත් එදින එසේ නොපැ­මිණි නිසා ආච්චි අම්මා මිනි­පි­රි­යට කිහිප වරක්ම කතා­කොට තිබුණේ නිවෙ­සට පැමි­ණෙන ලෙසයි. එසේ කොතෙක් කතා කළද ඊට කිසි­ව­කු­ගෙන් ප්‍රති­චා­ර­යක් නොවීය. පසුව ආච්චි අම්මා, ගිම්හා­නිගේ නිවෙ­ස­ටද ගොස් තිබු­ණාය.

“කෝ... දුවේ අපේ කෙලි පැටියා...“ ආච්චි විම­සීය.

“ගෙදර යනවා කියලා ගියානේ... ඇයි ආවේ නැද්ද...“ කිසිදු කල­බ­ල­ය­කින් තොරව ගිම්හා­නිද පිළි­තුරු දුන්නාය.

ඒත් සමඟ ආච්චිට දෙලෝ රත්වීය. ඇය දරුවා සොය­න්නට වූවාය. ඊට නොදෙ­වැනි ලෙස ගිම්හා­නිද දරුවා ගැන සොයා බැලු­වාය. ගමේ කා අත­රත් ක්ෂණ­ය­කින් දැරි­යගේ අතු­රු­ද­න්වීම පැතිර යද්දී ආච්චි විසින් 119 පොලිස් හදිසි ඇමැ­තුම් අංක­ය­ටද ඇමැ­තීය.

ඒ අනුව ඊට ක්ෂණික ප්‍රති­චාර දක්ව­මින් ගල්නෑව පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ආර්. එම්. ජය­වීර ඇතුළු කණ්ඩා­ය­මක් නෙතුලි ගැන සොයා බැලී­මට ක්‍රියා­ත්මක විණි. එහිදී ගල්නෑව අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පී. එම්. සී. පී. තෙන්න­කෝන් ඇතුළු නිල­ධා­රින් නෙතු­ලිගේ නිවෙස අවට ප්‍රදේ­ශය පැය දෙක තුනක පමණ කාල­යක් පීරා ඇය සොය­න්නට විශාල වෙහෙ­සක් ගත්තේය.

පොලි­සිය සමඟ එක්ව ගම්වා­සීන්ද ගමේ අත්හැර දැමු නිවෙස්, ඇළ­දොළ, ළිං, වළ­වල් පම­ණක් නොව කැලෑ රොද­ව­ලද කුඩා දිය­ණිය ගැන සෙවීය. ඒ අත­ර‍ ‍පො­ලිස් නිල­ධා­රින්ගේ සැක­යට භාජ­නය වූයේ ගිම්හා­නිගේ නිවෙස පිහිටි ඉඩ­මේම තිබෙන ළිඳකි. ඒ වන විටත් ප්‍රදේ­ශ­වා­සීන් එම ළිඳ තුළට ලී දණ්ඩක් දමා වතුර කල­ත­මින් දැඩි පරී­ක්ෂා­ව­කට ලක්කර තිබිණි.

““ඒත් අපිට ඒ ළිඳ ගැන පුදුම සැක­යක් ඇති­වුණා. අන්ති­මට අපි ළිඳ හිස්ක­රලා බලන්න තීන්දු කළා...“ ඒ ගල්නෑව පොලි­සියේ නිල­ධා­රි­යෙක් කී කතා­වයි.

ළිඳ ටිකෙන් ටික හිස්වෙද්දී මතු වූයේ පෝර උර­යකි. එම පෝර උරය ගොඩ­ට­ගෙන පරීක්ෂා කර බලද්දී නෙතුලි දිය­ණි­යගේ මළ­සි­රුර ඒ තුළ තිබුණේ කිලෝ පහ­හ­මා­රක් පමණ බරැති ගලක්ද සම­ඟිනි. දැරි­යගේ මර­ණය පිළි­බ­ඳව ගිම්හා­නි­ගෙන් ඒ මොහො­තේම ප්‍රශ්න කෙරිණි. එහෙත් ඇය පුන පුනා කීවේ,

“අනේ සර්... මං පණ වගේ ආදරේ කළ සුදු නෝනට වුණේ මොකද්ද කියලා මං කිසිම දෙයක් දන්නෙ නෑ...“

එහෙත් ගල්නෑව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඇයට ගැල­වී­මක් නොවූ­වාය. ගල්නෑව පොලි­සි­යට කැඳවූ ගිම්හා­නි­ගෙන් දිගින් දිගට කළ ප්‍රශ්න කිරී­මේදී ඇය, නෙතුලි දැරි­යට වූයේ කුමක්ද යන්න එකින් එක පාපෝ­ච්චා­ර­ණය කර­න්නට වූවාය. අහස පොළොව නුහු­ලන එකී අප­රා­ධය පොලිස් නිල­ධා­රින්ද අසා සිටියේ හද කම්පා කර­ව­මිනි. මේ ඇය පොලි­සි­යට කී කතා­වයි.

ගිම්හා­නිගේ පාපො­ච්චා­ර­ණය

“සර්... මට වාව­ගන්න බැරු­වයි හිටියේ, නෙතු­ලිගේ අම්මයි තාත්තයි ගත­ක­රන ලස්සන පවුල් ජීවි­තය දැක්ක­හම... මට පුදුම ඊර්ෂ්‍යා­වක් ඇති­වුණා... මට තේරුණා එයාල ලස්ස­නට ජීව­ත්වෙන්නෙ මේ කෙල්ල නිසා කියලා. ඒ නිසා මං දින කීප­යක්ම නෙතු­ලිගේ පවු­ලෙන් පළි­ගන්න ක්‍රම­යක් හිතුවා. පස්සෙ රෑ නිදා­ගෙන ඉද්දි මං හිතුවා මේ කෙල්ල මරන්න ඕනෙ කියලා. අනේ සර් මට සමා­වෙන්න... මට හිතා­ගන්න බෑ එහෙම වුණේ කොහො­මද කියලා...“

අන­තු­රුව ගිම්හානි, නෙතුලි ඝාත­නය කිරී­මට නොඉ­ව­සි­ල්ලෙන් මාන බැලු­වේය. ඒ අනුව ඇය පසු­ගිය දහ­නව වැනිදා ඊට පිඹු­රු­පත් සැකැ­සු­වාය. ඇය වැඩි­දු­ර­ටත් පොලි­සි­යට මෙසේ පවසා තිබුණේ,

“පස්සෙ මගේ අම්මයි තාත්තයි කුඹු­රට ගියාම... මං ගිහින් නෙතු­ලිව වඩා­ගෙන අර­ගෙන ආවා...“

ඇය පසුව හයක් හත­රක් නොතේ­රෙන සුර­තල් වයසේ පසුවූ නෙතු­ලිව ඇඳක තබා කට තද­කොට හුස්ම කර­කොට මරා දමා පෝර උර­ය­කට දමා ගලක්ද ගැට ගසා වත්ත පහළ වූ ළිඳට දැමු බව ඇය පොලි­සි­යට පාපො­ච්ඡා­ර­ණය කෙරු­වාය.

ඇය කළ අප­රා­ධයේ තරම කොතෙක්ද යන්න ගිම්හා­නිට තේරුම් යන්නෙ දැන්ය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමා­රය. තම­නට දරු­වන් නොමැති පීඩ­න­යෙන් පෙළුණු ගිම්හානි ඒ නිසා­වෙන් අහිං­සක දරු පැටි­යෙක් මරු තුරු­ළට යැව්වේ කුමන හිත­කින් ද?

අනු­රා­ධ­පුර දිසා බාර නියෝජ්‍ය පොලි­ස්පති සෙන­රත් සඳු­න්ග­හ­වත්ත සහ තඹු­ත්තේ­ගම කොට්ඨාස බාර පොලිස් අධි­කාරි විජිත ද අල්විස් මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත ගල්නෑව පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ආර්. එම්. ජය­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක එම්. එම්. ආර්. සී. මුණ­සිංහ, අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප­පො­ලිස් පරී­ක්ෂක පී. එම්. සී. පී. තෙන්න­කෝන් ඇතුළු නිල­ධාරි කණ්ඩා­යම මේ පිළි­බඳ පරී­ක්ෂණ සිදු­ක­ළහ.

අමිල මල­වි­සූ­රිය
under the courtesy of silumina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka