මීගමුව ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට නැතිබැරිවූවන්ට සහ දුගී මගී යාචකයන්ට නොමිලේ ලබාදුන් බත් පැකට් ලබාගැනීමට පොර කෑ යාචකයකු විසින් තවත් යාචකයකු පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ පැවැති නඩු විභාගයකදී අනාවරණය විය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරු වූයේ ජාඇල මාකවිට පදිංචි බී. ඒ. දයාරත්න නොහොත් අම්බිලි මාමා නමැති යාචකයෙකි. මොහු 2017 ජුලි මස 9 වැනිදා තවත් යාචකයකුව සිටි හාලිඇල පදිංචිව සිටි උප්පුසාමි පද්මනාදන් නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටියේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලෙන් අනාවරණය වූයේ මෙම ඝාතනය සිදු වී ඇත්තේ මීගමුව ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට දුගී, දුප්පතුන් වෙනුවෙන් ආහාර පාර්සල් බෙදා දුන් අවස්ථාවේදී බවයි. මෙහිදී විත්තිකරුට බත් පාර්සලයක් ලැබී නොමැති අතර, මරණකරුට බත්

පාර්සල් දෙකක් ලැබී ඇත.
එහිදී මරණකරු විසින් වැඩිපුර ලබාගත් බත් පාර්සලය විත්තිකරු විසින් බලෙන් ලබා ගැනීමට තැත් කළ අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇත.
මෙහි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා අධි චෝදනා පත්‍රය භාර දීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරුට නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා විසින් කළ ඇප ඉල්ලීම අනුව විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය. රජයේ අධිනීතිඥ ඉරේෂා නානායක්කාර මහත්මිය පැමිණිල්ල මෙහෙයවිය.
විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) ඩී. වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය. වැඩිදුර විභාගය 2020 පෙබරවාරි 17 වැනි දින පැවැත්වේ.
මීගමුව සමූහ - විමල් කීර්ති

under the courtesy of divaina.com news web