Wednesday, November 6, 2019

ඉන්දියාවේ බලපෑමෙන් ලංකාවේ වායු දුෂණය දෙගුණයකින් ඉහළට : අවධානයෙන් සිටිය යුතු පිරිස් ගැනත් දැනුවත් කරයි

ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා තිබෙන වායු දුෂණය මේ වන විට ශ්‍රී ලංකාවටද බලපා ඇති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටිනවා. එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කලේ මේ වන විට මෙරට වායු දුෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

සිදුකළ විමසීමකදී ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කලේ කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බවයි. එමෙන්ම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං හමා ඒමේ දිශාව වෙනස් වීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වළාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇති බවයි.

දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්
මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සඳහා අද දහවල් ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ද කැඳවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කලේ. එම සාකච්ජාව සඳහා පරිසර අමාත්‍යංශයට, ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කැඳවා ඇත.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka