Monday, November 4, 2019

දහසය හැවිරිදි සිසුවා පැදවූ මෝටර් රථයට යටවී උපකාරක පන්තියකට ගිය තංගල්ලේ පාසල් සිසුන් දෙදෙනෙක් මරුට - මවට බරපතළයි

වීරකැටිය තංගල්ල මාර්ගයේදී පසුගිය සිකුරාදා පස්වරුවේදී සිදුවූ රිය අනතුරකින් එකොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක සහ හය හැවිරිදි ශිෂ්‍යයක බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසනවා.

පසුගිය සිකුරාදා 01 වැනිදා පස්වරුවේ දී වීරකැටිය තංගල්ල මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

විතාරන්දෙණියේ පොල් තවාන පදිංචි මෙම පාසල් දරුවන් දෙදෙනා සිය මව සමග පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වීමට බස් රථයකින් පැමිණ ඉන් බැස පාර මාරුවන අවස්ථාවේ වීරකැටිය දෙස සිට
පැමිණ ඇති මෝටර් රථයේ ගැටී ඇති අතර මෙහිදී අවට සිටි පිරිස් දරුවන් දෙදෙනා සහ මව වෑන් රථයකට ගෙන වීරකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගොස් ඇත.

රෝහලට ඇතුළත් කළ විගස වෛද්‍යවරුන් මෙම අය සඳහා හදිසි ප්‍රතිකාර ලබාදී තංගල්ල මූලික රෝහල වෙත ගිලන් රථයකින් යවා ඇති අතර එහිදී එකොළොස් වියැති සනුරි විහංසා නමැති ශිෂ්‍යාව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

හය හැවිරිදි සනුජ ඉන්සර නමැති ශිෂ්‍යයා සහ මව මාතර මහ රෝහල වෙත යවා ඇති අතර සනුජ ඉන්සර ශිෂ්‍යයා මාතර මහ රෝහලේ ප්‍රතිකර ලබන අවස්ථාවේ මියගොස් තිබෙනවා.

මෙම සිසුන් දෙදෙනා තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදෑරූ බව පොලිසිය පවසනවා. සනුරි විහාංසා සිසුවිය පහ ශ්‍රේණියේ ද සනුජ ඉන්සර ශිෂ්‍යයා පළමු ශ්‍රේණියේ ද අධ්‍යාපනය හදාරන සිසුන් වනවා. මව ද බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටිනවා.

මෙම අනතුර සිදුකළ මෝටර් රථය නොනවත්වා ධාවනය කර විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක නතරකර තිබිය දී වීරකැටිය පොලිසිය මගින් සොයාගෙන ඇත. එම අවස්ථාවේ මෝටර් රථය පදවා ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක එකොළහ ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බව ද ඔහුට රියැදුරු බලපත්‍රයක් නොමැති බව ද පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ එම රථයේ තවත් එම පාසලේම අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනකු ද සිට ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. පසුව එම සැකකාර පාසල් සිසුන් තිදෙනා ද මෙම අයට මෝටර් රථය ලබා දුන් තරුණයා ද (මෝටර් රථයේ හිමිකාරියගේ පුතා) රථයේ හිමිකාරිය වන පාසල් ගුරුවරිය ද අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසනවා.

මියගිය සිසුන්ගේ මරණ පරීක්ෂණ තංගල්ල මූලික රෝහලේදී සහ මාතර මහ රෝහලේ දී පවත්වා ඇති අතර අනතුරුව දේහයන් ඥාතීන්ට භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 02 වැනිදා සෙනසුරාදා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැදවූ බාලවයස්කාර ශිෂ්‍යයා සහ එම රථයේ සිටි අනෙක් පාසල් සිසුන් දෙදෙනා ගාල්ල කිතුලම්පිටිය රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකර ඇත.

රථයේ හිමිකාර පාසල් ගුරුවරිය සහ ඇයගේ පුත්‍රයා අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කර මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර ඇත.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka