කටාන ප‍්‍රදේශයේ පෙරේදා (02 දා* අලූයම පැවති පෙරහැරක් විචිත‍්‍රවත් කිරීම සඳහා 14 හැවිරිදි සිසුවකු විසින් දැල්වූ මල් වෙඩිල්ලක් පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මරණයට පත්විය.
මෙහිදී මරණයට පත්ව ඇත්තේ උතුරු කදිරාන දෙමන් හන්දිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ජී. ඒ. දිනිත් දිල්ෂාන් නමැති සිසුවාය. මොහු කිඹුලාපිටිය මහා විදුහලේ 9 වසර පංතියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
කටාන, උතුරු කදිරාන, දුමින්දාරාම විහාරයේ පෙරහැර අලූයම 4.30 ට පමණ ගමන් කරද්දී

මරණයට පත් සිසුවා, වහා තම නිවස තුළට දිවගොස් පෙරහැර විචිත‍්‍රවත් කිරීමේ අරමුණින් නිවස තුළ තිබූ මල් වෙඩිල්ලක් පෙරහැර යන මාර්ගයේ අසල තබා දල්වා ඇත. එහෙත් මල් වෙඩිල්ල දැල්වී නොතිබීම ගැන ඔහු එය අතට ගෙන පරීක්‍ෂා කර ඇත. ඒ සමගම එය ක්‍ෂණයකින් පිපිරී ඇත. මෙමගින් සිසුවාගේ මුහුණ ප‍්‍රදේශයට දැඩි ලෙස හානි සිදුවී ඇත. තුවාල ලද සිසුවා වහා රෝහල් ගතකළද බරපතළ තුවාල නිසා මරණයට පත්ව ඇත. කටාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
under the courtesy of divaina.com news web