Monday, November 25, 2019

අව්ව, වැස්ස, සීතල නොතකා පාසලට පයින්ම යන ජපන් ළමයි

ජපානයේ රජයේ ප්‍රාථමික පාසල් වල ළමුන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුමයි. අසනීප තත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අව්ව , වැස්ස , සීතල , හිම යන කුමන කාලගුණික තත්වයක් යටතේ වුවද පළමු වසරේ සිට 6 වසර දක්වා සිසුන් උදේ තම නිවසේ සිට පාසලටත් සවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුයි.

මේ නිසාම තම නිවස අසල ඇති ළගම පාසලට දරැවාව ඇතුලු කිරීමට දෙමාපියන්ට සිදු වෙයි. ලංකාවේ මෙන් නිවසෙහි සිට පැය 2 ක් දුරින් පිහිටි රජයේ ප්‍රාථමික පාසලකට දරුවාව ඇතුලත් කිරීමට ජපන් දෙමාපියන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ නිසා බොහෝ දේවල් දරුවන් ජීවිතයට එකතු කරගන්නවා. ඒ  දරුවන් ඕනෑම කාලගුණික තත්වයක් යටතේ පයිම යෑමට සිදුවීම නිසා දරැවන් තුළ ඔරොත්තු දීමේ හැකියාව ටික ටික වර්ධනය වීම මෙන්ම
දරැවාට කුමන බාධක පැමිණි යද ඔහු තුළ ආත්ම විශ්වාසය තුළින් බාධක ජය ගැනීමට පුරැදු වෙනවා.

උදේ හවස පයින් යෑම ළමයාගේ සෞඛ්‍ය සදහා ඉතමත් වැදගත්. ළමයාටද නොදැනීම ඔවුන්ට  අවශ්‍ය ව්‍යායාම එමගින් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ළමයා නිරන්තරයෙන් යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිවුපාවන් දැකීම ,එක් එක් කාලවල්දී ගස්කොළන්වල පවා සිදුවන වෙනස්කම් වැනි දෑ  ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබෙනවා.

කුඩා කණ්ඩායම් ලෙස ගමේ නැතිනම් එම වීදියේ සිටින ළමුන් සමග එක්ව සෑම දිනකම පාසල් යෑමට ඒමට සිදුවීම නිසා එකමුතුව කටයුතු කිරීමට ඉගෙන ගන්නවා. තමාට වඩා අවුරුද්දකින් දෙකකින් වයසින් වැඩි අයෙකුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක සිටීම තුළින් නායකත්වයට ගරු කිරීමට පුරැදු වෙනවා. නායකත්ව ලක්ෂණ දැකීම තුළින් තමාට නායකත්වය ලැබෙන විට වගකීම් සහිතව අන් ළමුන්ගේ ආරක්ෂාව ගැනද සොයා කටයුතු කිරීමට ඉගෙන ගන්න ඔවුන් කටයුතු කරනවා.

දරැවන්ගේ ජීවිත දියුණු කරගැනීමට අවශ්‍ය බොහෝ දෑ ප්‍රායෝගිකව අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට "පාසල් වෙත පයින් යෑම "තුළින් අවස්ථාව සලසා දී දෙනවා.

රධීරා කුමසාරු 


under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka