ෆේස් බුක් හරහා පවත්වන මත් සාදවලට සහභාගිවන තරුණියන් සහ පාසල් සිසුන් ඉලක්‌ක කොට ගුවන් තැපෑල මගින් විදේශයක සිට රුපියල් කෝටි 3 ක් පමණ වටිනා අයිස් නමැති මත් පෙති 5035 ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්පෙත් ජාවාරම්කරුවන් හයදෙනාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා විසින් එම සැකකරුවන් හයදෙනා නොවැම්බර් මස 26 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. රුපියල් කෝටි 3 ක් පමණ වටිනා අයිස් මත්පෙති කිලෝ 2 1/2 ක් ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් නීති විරෝධීව ආනයනය කිරීම සහ එම ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් වූයේ වත්තල, හුණුපිටිය, මොරටුව සහ

කිරුළපන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සරත් ප්‍රනාන්දු, සෙල්ලයියා ජෙගනාදන්, මොහොමඩ් රෂීඩ්, මොහොමඩ් අල්ෂාල්, මොහොමඩ් අක්‍රම් සහ මොහොමඩ් ඉමිටියාස් නමැත්තන් ය.
මෙම මත් පෙති තොගය ගුවන් තැපෑල මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබූ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම මත්පෙති තොගය සහ සැකකරුවන් දෙදෙනකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේදී අත්අඩංගුවට ගත් අතර, ඉන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඊට ආධාර සහ අනුබල දුන් අනිකුත් සැකකරුවන් පිරිස ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී විත්තියේ නීතිඥවරුන් විසින් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටි අතර ඔවුනට ඇප ලබාදීම වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පො. කො. (23370) අනිල් බණ්‌ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ මයුරිකා ද සිල්වා, සුදේශ අමරසිංහ, ජනනි පෙරේරා සහ සම්පත් කරුණාතිලක යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. වැඩිදුර විභාගය නොව්ම්බර් මස 26 වැනි දින පැවැත්වේ.

under the courtesy of divaina.com news web