බණ්ඩාරගම ආර්.ඒ.එස්. ප්‍රේමතිලක
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැවක දොඹකරයේ දම්වැල කැඩී බඩු බාමින් සිටි සේවකයකුගේ හිසේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්දෙනිය, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුළුපොත වාඩියගෙදර ප්‍රියන්ත ගුණතුංග නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.
18 දා උදෑසන 9.30 ට පමණ යකඩ උණු කිරීමට යොදා ගන්නා යකඩ බාර් ඇතුළත් කන්ටේනර් පෙට්ටි

සහිත නැවේ භාණ්ඩ හිස් කිරීමේ නියැලී සිටියදී අනතුර සිදුව තිබේ.
නැවේ දොඹකරයේ සවිකර තිබෙන දම්වැල එක්වරම කැඩීගොස් එහි තිබූ ලී කොටයක් හිසේ වැදී තුවාල සිදුවීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බැව් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ 18 වැනිදා සිදුකෙරිණි. 19 දා අධිකරණ වෛද්‍ය නිලධාරිගේ පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට නියමිතව තිබුණි.
වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් සේනානායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක මායාදුන්නේ, කොස්තාපල්වරුන් වන මහින්ද (45222), විජිතානන්ද (58888) යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

under the courtesy of gossip.hirufm.lk news web