එක්සත් ජනපද විශේෂ බළකාය ඉදිරියේ පසුගියදා සිය දිවි නසාගත් අයිසිස් නායක අල්-බග්ඩාඩිගේ වැඩිමහලු සොයුරිය වන 65 වියැති රස්මියා අවාඩ් වයඹ දිග සිරියාවේ ඇලෙප්පෝ පළාතේ, අසාස් නගරයේ කන්ටේනරයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට තුර්කි හමුදාව සමත් වී ඇත. ඒ අවස්ථාවේ ඇය සමඟ ඇගේ සැමියා සහ ලේලිය ද ළමයින් 5 දෙනකු ද සිටියේ යැයි ඉහළ පෙළේ තුර්කි හමුදා නිලධරයකු සඳුදා පැවැසීය. මෙම පිරිස මඟින් අයිසිස් සංවිධානය පිළිබඳ වැදගත් බුද්ධි තොරතුරු සපයාගත හැකිවේ යැයි තුර්කි නිලධාරීහු විශ්වාස කරති.
අයිසිස් නායකයා විනාශ කිරීම ඇමෙරිකානු
අයිසිස් නායකයා විනාශ කිරීම ඇමෙරිකානු
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලද පෞද්ගලික ජයක් ලෙස සැලකේ. නමුත් ඇමෙරිකාව තුළ පමණක් නොව ලොව බොහෝ ස්ථානවලට එහි සාමාජිකයන්ගෙන් පළිගැනීමේ ප්‍රහාර එල්ල වේ යැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති.