Thursday, November 28, 2019

දෙවෙනි උපන්දිනය වෙනුවෙන් ලමා නිවාසයට දානයක් දෙන්න ගිය පුංචි පුතු, නොඑන ගමන් යැවූ වැල්ලවායේ මාරක අනතුර

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ආරියසිරි හංදිය ප්‍රදේශයේ දී අද (28) අලුයම සිදු වූ අනතුරකින් වයස අවුරුදු දෙකක දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව පියා මිත්තනිය සහ මියගිය දරුවා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති අතර අද (28) දින මියගිය දරුවාගේ අවුරුදු දෙකේ උපන් දිනය යෙදී ඇති බවයි සඳහන් වන්නේ.

දරුවාගේ අදට යෙදී ඇති උපන් දිනය වෙනුවෙන් වැල්ලවාය හදපානාගල ලමා නිවාසයට දානයක් ලබා දීම සදහා ඔවුන් මෙලෙස පැමිනෙමින් සිටින අතර තුර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී
තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි ඒ. දුල්සදු නැමැති දරුවෙකු බව වැල්ලවාය පොලිසිය සදහන් කලා.

අනතුරින් පසු තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මිත්තනිය සහ මියගිය දරුවා මාරුකර යවා ඇති අතර මොනරාගල මහ රෝහලට ඇතුළුත් කිරීමෙදී දරුවා මියගොස් තිබෙනවා.

රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදු වී ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර තුවාල ලැබූවන් වැල්ලවාය සහ මොනරාගල රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදුකරනවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka