Friday, November 22, 2019

අවුරුදු තුනේ ළදැරිය මරා ළිඳට දමලා - මළ සිරුර පෝර උරයක

අවුරුදු තුනයි මාස හතරක දැරියක් ඝාතනය කර පාළු ළිඳකට දමා ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි.

ගල්නෑව පොලිස් බලප‍්‍රදේශයේ මිදෙල්ලෑව පදිංචි අවුරුදු තුනයි මාස හතරක් වයසැති දැරියක් අතුරුදහන්ව ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව ගල්නෑව පොලිසිය පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ළිං පතුලේ පොහොර උරයකට දමා තිබූ දැරියගේ සිරුර සොයා ගන්නා ලදී.

අසල්වාසී පදිංචිකාරියක වන සැකකාරියක් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළ විට ඇය දැරිය
ඝාතනය කර පොහොර උරයකට දමා ගැට ගසා නිවස අසල ළිඳකට දමා ඇති බව අනාවරණය විය.

ළිඳේ ජලය ඉවත් කර ළිං පතුලේ පොහොර උරයේ තිබූ දැරියගේ සිරුර ගල්නෑව පොලිසිය විසින් ගල්නෑව රජයේ රෝහලට රැුගෙනවිත් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දැරිය මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සියඹලෑව පදිංචි නාරායන පටබැදිගේ නෙතුම්‍යා නේතිනි නමැති දැරියකි.

ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජයවීර, අපරාධ අංශයේ ස්ථානාධිපති ටී.එම්.සී.පී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඉපලෝගම ජේ.බී. ඒකනායක
 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka