Tuesday, November 19, 2019

මේක අපේ රට, අපේ විදියට ඉන්න බැරි නම් යන්න - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුලු ජාතික ඡන්ද වලින් පැමිණ එරට කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරනා මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රීනියකට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයක් දැඩි අවදානයට ලක්ව තිබේ.

මෙම මුස්ලිම් සුලු ජාතික මන්ත්‍රිනිය විසින් පසුගිය කාලයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිවාදියෙකු යැයි චෝදනා කරමින් ඇමෙරිකාවේ සුලු ජාතික අයිතිවාසිකම් වැඩි කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ සිදු කර තිබේ. ඇය සෝමාලියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ මුස්ලිම් කාන්තාවකි.

ඇයගේ ක්‍රියාකලාපයට පිළිතුරු ලබා දෙන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාංක්‍රමණිකයෙකුට ඇමෙරිකාවේ සිටීමට නොහැකි නම් ඕනෑම මොහොතක ඇමෙරිකාවෙන් පිට විය හැකි බවයි.
ඇමෙරිකාවේම සිටිමින් ඇමෙරිකාව විවේචනය කිරීමට වඩා ඇමෙරිකාවෙන් පිටවීමට තමන් යෝජනා කරන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසනවා.

ඉන්පසුව ඇමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ඇමෙරිකාව ඇමෙරිකානුවන්ගේ රට බවත්, සංක්‍රමණික සුලු ජාතිකයන්ට අවශ්‍ය පරිදි ඇමෙරිකාව නැටවීමට තමන් ඉඩ නොදෙන බවයි.

මේ අතර මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ජනතාව සීග්‍රයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතට ඒකරාශී වෙමින් සිටිනා අතර මෙම සුලු ජාතික මන්ත්‍රීවරිය නැවතත් ඇය පැමිණි සෝමාලියාවට පිටමන් කරනා ලෙසට ඇමෙරිකානු ජනතාව ඉල්ලා සිටිමින් තිබේ.
 
under the courtesy of Lankacnews.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka