Monday, November 18, 2019

රුවන්වැලි සෑ රඳුන් අබියස දිවුරූ අභිනව ජනපති

ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

ඒ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වැඩසිටින ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් අබියසදීයි.

එහිදී  ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තම ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටුවන බවයි.

ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවය
අද පෙරවරුවේ පැවැත්වුණේ ඓතිහාසියක රුවන්වැලි මහා සෑ රදුන් අබියසදීයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් ඇතුළු විශාල ජනකායක් ඊට සහභාගි වී සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 11.30 පමණ රුවන්වැලි මහා සෑය වෙත පැමිණියේ ජයසක්බෙර නාද මධ්‍යයේයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහ සෑ රදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ සලපතල මළුවේ පිහිටුවා ඇති දුටුගැමුණු මහරජතුමන්ගේ පිලිරුව අබියසදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අභිනව ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබුවේ පෙරවරු 11.50ට යෙදුණු  සුබමොහොතින්.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීයි.

අනතුරුව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතනු ලැබුවේය.

පසුව මහාසංඝරත්නය ජනාධිපතිවරයාට සෙත්පිරිත් සඤ්ඤායනා කර ආශිර්වාද කළේය.


under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka