Sunday, November 24, 2019

හලාවත ASP අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හලාවත කාලි දේවාලයේ තිබු වාලම්පුරියක් අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව එහි දේවගැතිවරිය
විසින් හලාවත පොලීසියට පැමිණිල්ලක් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ කටයුත්තක් සඳහා හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා දේවාලයට පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී දේවාලයේ තවත් හක් ගෙඩි ඇතුළු ද්‍රව්‍ය තිබෙනු ඔහු නිරීක්‍ෂණය කොට ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අවස්ථාවේදී හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා කෝවිලේ දේවගැතිවරිය අමතා මෙම ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතී මඟින් ක‍්‍රියා කිරීමට හැකියාව ඇති බවත් ඇය  අත්අඩංගුවට ගැනීමට හැකි බවත් දැනුම් දී ඇතැයිද පැවසීය.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස කෝවිලේ දේවගැතිවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇතැයිද ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් අවශ්‍ය බව ඔහු දැනුම් දී ඇතැයිද පසුව කළ ඉල්ලීමකදී 1,90,000/- ක මුදලක් ලබාගැනීමට ඔහු එකඟ වී ඇතැයිද පැවසු අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

සැකකරු හලාවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ විමර්ශන ප‍්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

under the courtesy of ada.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka