Monday, November 25, 2019

හම්බන්තොට වරාය වසර 99කට බදු දීම වැරැද්දක් - ගිවිසුම යළි ඇගයිය යුතුයි - ජනපති ගෝඨාභය කියයි - Video

ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම නැවත ඇගයීමකට ලක්කළ
යුතු බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සාකච්ඡාව ලබාදුන්නේ ලබන 29 වන දා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතව සිටියදියි.

ඉන්දියාවේ ප්‍රකට මාධ්‍යවේදියෙකු වන නිතින් ඒ. ගෝක්ලේ ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි අවධාරණය කළේ ශ්‍රී ලංකාව සුපිරි බලවතුන්ගේ බල අරගලයට මැදිවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

තුන්වන රටකට බලපෑමක් ඇති වන අන්දමින් ශ්‍රී ලංකාව විදේශ සබඳතා නොපවත්වන අතර, ඉන්දියාවේ ආරක්ෂාව අභියෝගයකට ලක්වීමට ඉඩ නොදෙන බව ද ජනාධිතිවරයා කියා සිටියා. මේ, එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස්.

‘‘ චීනය අපේ හොඳ මිතුරෙකු මෙන්ම, අපට සංවර්ධනය සඳහා ඔවුන්ගේ සහය අවශ්‍ය වුවත් හම්බන්තොට වරාය ඔවුන් වෙත වසර 99කට බදු දීම අත්වැරැද්දක් ලෙසයි මා දකින්නේ. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා වඩා හොඳ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ගිවිසුම යළි ඇගයීමකට ලක් කරන්න. ජනතාව එම ගිවිසුම සම්බන්ධයෙන් සතුටක් දක්වන්නේ නැහැ. අපට වසරක්, දෙකක් හෝ 5ක් ගැන නොව අනාගතය ගැන සිතන්න අවශ්‍යයි, ඉන්පසුව කුමක් වන්නේ ද කියා. ආයෝජනය සඳහා ඉඩම් කැබැල්ලක් ලබාදීම හාත්පසින් වෙනස් කරුණක්. වාණිජ දේපළක් හෝ හෝටලයක් සංවර්ධනය කිරීමත් ගැටළුවක් නොවේ. එහෙත් ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන් වැදගත් වරායක් එලෙස ලබාදීම පිළිගත නොහැකියි.එහි පාලනය අප අත තිබිය යුතුයි. ඒ නිසා එය නැවත සාකච්ඡා කළ යුතු වනවා.’’

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වන සාරා හල්ටන් අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබෙනවා.

එහිදී ඇය නව ජනාධිපතිවරයාට බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka