Wednesday, November 20, 2019

රු.8 ක් පිල්ලි ගැසූ කොන්දොස්තරට ටිකට් එකක් ඉල්ලූ විට යකා නගී... කොටුව - ගුවන්තොටුපළ බසයක මැර කොන්දොස්තර

නියමිත ගාස්තුවට වඩා රුපියල් අටක මුදලක් අයකිරීම පිළිබඳ විමසා දුන් මුදලට ප්‍රවේශපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි මගියෙකුට පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු විසින් ඉතා පහත් අන්දමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

 පසුගිය 14 වැනිදා පස්වරු 6.00 ට පමණ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලින් 187 කොටුව - ගුවන්තොටුපළ මාර්ගයේ මගී ප්‍රවාහනය සිදුකරන අංක ඩබ්ලිව්. පී. එන්. බී. 1092 දරන බස් රථයට ගොඩවූ එම මගියා රුපියල් 42 ක මුදලක් කොන්දොස්තරවරයාට ලබාදී කඳාන දක්වා ගමන් කරන බව පවසා ඉතුරු මුදල් ඉල්ලා ඇත.

 අනෙකුත් සියලුම බස් රථ එකී   ගමනාන්තය සඳහා අයකරනුයේ රුපියල් 32 ක මුදලක් පමණක් වන බැවින් ඉතුරු මුදල ලෙස රුපියල් දහයක් ලබාදෙන ලෙස මගියා දන්වා සිටි අවස්ථාවේදී “අනිත් බස්
ගැන මට වැඩක් නෑ මේක මගේ බස් එක කොළඹින් නැග්ගොත් රුපියල් 42 යි. මෙතනින් නැග්ගොත් රුපියල් 40 යි. ඒකයි මගේ ගාස්තුව මේන් ඔහේගේ රුපියල් දෙක මගේ ගාස්තුවට යන්න අකමැතිනම් බැහැලා යන්න පුළුවන් නැතිනම් අනෙක් මිනිසුන්ගේ ඔළුත් කන්නේ නැතුව කටවහගෙන යනවා” යැයි තර්ජනාත්මකව පවසා ඇත.

 මගේ ගම බෙලිඅත්ත මේ රූට් එකේ වැඩිපුර දුවන්නේ අපේ බස්. ඔහේට ඕනනම් සමිතියට (මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට) ගිහින් කම්පේල්න් කරනවා මම ටිකට් නොදී වැඩිපුර ගත්තා කියලා. මොකාට කම්පේල්න් කළත් මට මොනවත් කරන්න එකෙකුටවත් බෑ. අපි සමිතියේ අයගේ ඔළුවලට සල්ලි ගහලයි තියෙන්නේ. සමිතියේ ලොක්කා බදුල්ලට යන්න මගේ බස් එකක් ඉල්ලලා දැනුත් කෝල් කළා යැයි පවසමින් අනෙක් මගීන්ටත් ඇසෙන ලෙස පුරාජේරු කියමින් වත්තල නගරය පසුවනතුරුත් ටිකට් පතක් ඉල්ලූ මගියා අපහසුතාවයට පත්කළ එකී කොන්දොස්තරවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ එම බස් රථයේ ගමන් කළ බොහෝ මගීන්ද හෙළා දැක ඇත.

 මැරවරයකු ලෙස හැසිරෙමින් මගීන් මානසිකව පීඩාවට පත්කරන එකී නොහික්මුණ කොන්දොස්තරවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත පැමිණිලි කිරීමට ද එම මගියා පියවර ගෙන ඇත.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka