Friday, November 22, 2019

නව ආණ්ඩුකාරවරු 6ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - Video & Photos

පලාත් 6ක් සදහා පත් කල නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.

අභිනවයෙන් පත් කල ආණ්ඩුකාරවරුන් 6 දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ අද පෙරවරු 8.58 ට යෙදුණු සුභ මෙහොතින්.

මධ්‍යම පලාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා දිවුරුම් දුන්නේ ඌව පලාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි.

දකුණු පලාත් නව අණ්ඩුකාරවරයා ලෙසින් දිවුරුම් දුන්නේ ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතායි.

බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා වයඹ පලාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ සබරගමුව පලාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි.

වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය බස්නාහිර පලාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka