කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 67 දෙනෙකු අද උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු රෝගී වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි.
එමෙන්ම,කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් කිහිප දෙනෙකුද මෙලෙසම උදෑසන ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරුණි.
මෙවර ජනාධිපතිවරණයට අදාළව කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ දිස්ත්‍රික්ක් ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද භාවිතයට ගැනෙයි.
එහි රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් ගණන 8000කි.ඔවුන්ගෙන් පිරිසකට අද උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු උදර වේදනාව,ක්ලාන්තය හා වමනය යන රෝගී තත්වයන් මතුව තිබුණි.

වහාම ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.එම රෝගීන් කඩිනමින් රෝහලට ඇතුළත් කර ගැනීම සඳහා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සූදානම්ව සිටියේය.
රෝහල්ගත කළ පිරිස අතර මැතිවරණ රාජකාරී සඳහා පැමිණි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 5 දෙනෙකුද වෙයි.පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කළ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පස්වරුවේ එහි පැමිණියේය.
මේ අතර, නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් පිරිසක්ද උදෑසන ආහාර ලබා ගැනීමෙන් පසු රෝගී වී තිබුණි.ඔවුන්ද කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
මේ අතර මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නිලධාරීන් රෝගී වීම හෙට දින මැතිවරණ රාජකාරී සඳහා බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

under the courtesy of adaderana.lk news web