Wednesday, November 6, 2019

එකම පවුලේ බාලවයස්කාර අයියා මලෝ දෙදෙනෙකු කෙළෙසුවාට 48 හැවිරිදි හිමිනමක් වසර 14කට මහ උළු ගෙදරට

බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් චීවරධාරියෙකුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා අගතියට පත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (06) නියම කෙරුණි.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ අගුණුකොළපැලැස්ස හැලේකඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරවාසීව සිටි 48 හැවිරිදි හිමි නමකටය.

සැකකාර හිමි නම අගුණුකොළපැලැස්සේ පදිංචි
එකම පවුලේ  බාල වයස්කාර අයියා මලෝ දෙදෙනෙකු රවටා අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. සැකකාර හිමි නමට එරෙහිව පැවති  මුලික නඩුවිභාගයෙන් පසු නිතිපති වරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ සැකකාර හිමි නමට නඩු
පැවරුණු අතර නඩු විභාගය ආරම්භයේදිම සැකකා හිමි නම අදාල චෝදනා සදහා වරද පිළිගනු ලැබිය. ඒ  හේතුවෙන් මහාධිකරණ විනිසුරු වරයා සැකකාර හිමිනමට දඩුවම් නියම කෙරුණි.

සැකකාර හිමි නම ඔහුට  එරෙහිව අධිකරණය හමුවේ නගා තිබු චෝදනා පිළිගැනිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ආර්. ඒස. එස්. සපුවිද මහතා සැකකාර හිමි නමට එක් චෝදනාවක් සදහා වසර 7 බැගින් වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. මීට අමතරව අගතියට පත් බාල වයස්කාර දරුවන් දෙදෙනා සදහා රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි. වන්දි  මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. මිට අමතරව සැකකාර හිමි නමට රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් මාස හය බැගින් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකාර හිමි නමට අධිකරණයේ රුපියල් 2000ක මුදලක් තැන්පත් කරන ලෙසද නියෝග කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් මාස 03ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

රජයේ අධිනීතීඥ අග්බෝ පණ්ඩිතරත්න මහාතා සමගින් අගුණුකොළපැලැස්ස පොලිසියේ පොලිස් සැරයන් (45107) ඩී.වී.ආරියරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටියේය.

මත්තල ඩී එන් ජයසේකර


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka