Tuesday, November 19, 2019

බඳගිරියේ ගැටුමකින් තරුණයෙක් මරුට 4 ක් රිමාන්ඞ්

හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකුට පහරදී කපා කොටා ඝාතනය කළ බඳගිරිය මැලේ කොළණිය පදිංචි සැකකරුවන් සිව් දෙනකු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ. ඒ. නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (18 දා) සවස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සඳළුගම, මැලේ කොළණිය, බඳගිරිය පදිංචි 29 හැවිරිදි හකීම් මොහොමඞ් ඉම්ෂාඞ්, අංක බඳගිරිය පදිංචි 21 හැවිරිදි බබාරිල්වාන් දූල්, කුඩාගම්මාන 08, වැලිගත්ත පදිංචි 27 හැවිරිදි මුසල්හිම් අහමඞ් උසව්වීර් හා මැලේ කොළණිය බඳගිරිය පදිංචි 40 හැවිරිදි ස්ලේදීන් මොහොමඞ්
රාත්දීන් නමැති සැකකරුවන් සිව් දෙනෙකි.

මැතිවරණය පැවති 16 වැනිදා රාත්‍රි 9.30ට පමණ බඳගිරියේ පදිංචි 26 හැවිරිදි කේ.එම්. හෂාන් තිවංක නමැත්තා සිය මුස්ලිම් ජාතික මිතුරකුගේ බිරියක් සමග ඇති වූ බව කියන ආරවුලක් විසඳීමට සිය යහළුවා සමග ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මිත්‍රයාගේ බිරිඳගේ ඥාතීන් විසින් දෙදෙනාටම පහර දී තිබේ. මෙහිදී මේ කාන්තාවගේ පිරිසක් සිදුකළ පහරදීම හමුවේ මිත්‍රයා පැන දුවගොස් තිබේ. එහිදී මේ පිරිසගේ ග්‍රහණයට හසුව ඇති කේ. එම්. හෂාන් තිවංකට පිරිස එක්ව පහර දී පිහියකින්ද ඇන ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර ද රෝහල වෙත රැගෙන යෑමට පිරිස ඉඩ ලබා නොදී තිබේ. පසුව හම්බන්තොට පොලිස් නිලධාරීන් පැමිණ තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි තරුණයා හම්බන්තොට මහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට තිබේ.

සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනා ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. මියගිය තරුණයා අවිවාහකයකු වන අතර ඔහුගේ අවසන් කටයුතු අද (19 දා) බඳගිරියේදී සිදු කිරීමට නියමිතය.

මේ දෙපිරිස අතර අද ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇති හෙයින් හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (18 දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ද ලබාගෙන තිබේ. ඒ අනුව අද බඳගිරිය හා අවමංගල්‍යය පැවැත්වෙන ඒ අවට කිසිදු අයුතු ජනරාශියක් සිදු නොකරන ලෙසටත් යම් කලකෝලාහලයක් ඇති කිරීමට ඉඩකඩ ඇතැයි සැක පහල කරන පුද්ගලයන් පස්දෙනකුට අද පෙරවරු 9.00ට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත්වරයා ඊයේ නොතීසි නිකුත් කෙළේය.

මීට අමතරව ඊයේ (18 දා) සවස සිට හම්බන්තොට බඳගිරිය, මාලේ කොළණිය ඇතුළු අවට ප්‍රදේශ වෙත පොලිස් විශේෂ කාර්ය බළකාය, හමුදාව හා පොලිසිය යෙදවීමටද පියවර ගෙන තිබේ.

මත්තල - දිලීප් එන්. ජයසේකර
 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka