අවුරුදු හත සහ දහ වයසේ පසුවන සිය දරුවන් දෙදෙනා ලනුවකින් ගෙල සිරකර මරා දැමීමට තැත්කළ බවට සැකපිට දෙදරු මවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ අගලවත්ත උදටියාවල පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු මවක්.
ඇයගේ අනියම් පුරුෂයා යැයි සඳහන් පුද්ගලයෙක් සැකකාර කාන්තාවගේ බාල දරුවා කැටුව විත් වැඩිමහල් දරුවා නිවස හැරගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව නිවස හැරගොස් සිටි වැඩිමහල් පිරිමි දරුවා අතුරු මාර්ගයක සිටියදී පොලිස් භාරයට ගෙන ඔහුගේ ප්‍රකාශ මත සැකකාරිය

අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ ආරමිභ කර තිබෙනවා.
මල්ලිට සහ තමන්ට මව 02 රාත්‍රී දහයට පමණ අතින් පයින් සහ කෝටුවකින් දැඩි ලෙස පහරදුන් බවත් පසුව නින්දට ගොස් සිටියදී 03 දා අලූයම හතරට පමණ දෙදෙනාම අවදිකර නිවස පිටුපස කැලයකට රැගෙන ගොස් ලනුවකින් තමාගේ බෙල්ල සිරකිරීමට මව උත්සාහ දැරීමේදී මවගේ අතට ගසා කැලයේ සැඟව සිටි බවත් පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ස්වාමි පුරුෂයා විදේශගතව ඇති බැවින් දරුවන් දෙදෙනා හදා ගැනීමට දඬුවම් කළ බවට සැකකාර කාන්තාව ප්‍රකාශ කර ඇති අතර අලූයම හතරට පමණ දරුවන් දෙදෙනා නිවස පිටුපස කැලයකට රැගෙන ගිය බවට ඇය පිළිගෙන ඇති බවත් සඳහන් වනවා.
ස්වාමි පුරුෂයා විදේශගතව සිටින ඇය ප්‍රදේශයේම පුද්ගලයෙක් නිවසේ රඳවා ගනිමින් අනියම් සමිබන්ධතාවයක් පවත්වන බවටත් දරු දෙදෙනා සමග දැඩි වෛරයකින් ජීවත්ව සිට ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.
ළමුන්ට කෲරත්වයෙන් සැලකීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

under the courtesy of divaina.comnews web