ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කෙන්යාවේ වෙස්ට් පොකොට් ප්‍රාන්තයේ ගම්මාන දෙකක් නායයෑමට හසුවුණු බවත්, ගම්මානයේ සිටි කාන්තාවන් දරුවන් ඇතුළු 29 දෙනෙකු පණ පිටින් වැළලී ගිය බවත් වාර්තා වේ.
නායයෑමත් සමඟ පස් තට්ටුවලින් වැසීගියේ යර්කුලියාන් සහ පරුවා නමැති ගම්මාන දෙකය. මේවා කඳු පාමුල පිහිටා ඇත. මහ වැසි නිසා ගංගා පිටාර ගැලීමත්, පාලම් කැඩීයෑමත් හේතුවෙන් ගම්මානයේ වැසියන්ට ආරක්ෂිත ස්ථාන
වෙත යෑමට නොහැකි වී ගම්මානයේ කොටුවුණු බව කෙන්යානු බලධාරීහු කියති.නායයෑමත් සමඟ පස් තට්ටුවලින් වැසීගියේ යර්කුලියාන් සහ පරුවා නමැති ගම්මාන දෙකය. මේවා කඳු පාමුල පිහිටා ඇත. මහ වැසි නිසා ගංගා පිටාර ගැලීමත්, පාලම් කැඩීයෑමත් හේතුවෙන් ගම්මානයේ වැසියන්ට ආරක්ෂිත ස්ථාන
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මියගිය පිරිස් වෙනුවෙන් සම්බන්ධයෙන් සොව පළ කළේය. ජල ගැලීම් සහ නායයෑම් පළාත් රැසකින් වාර්තා වී ඇත. විපතට පත් වූවන්ට සහාය ලබාදීමට හමුදාව යෙදවීමට ද කෙන්යානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
නයිරෝබීහිදීය (රොයිටර්)