පිටරටක සිට මෙරටට බහුදින ධීවර යාත‍්‍රාවකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවන් 7 දෙනකු ගාල්ලට නුදුරු මුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් පෙරේදා (3 දා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා විසින් පෙන්වන ලද අයුරු. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද මෙහි සිටියි.
ඡායාරූප - තුෂාර අතපත්තු
අත්අඩංගුවට ගත් සැකකරුවෝ මාරවිල සහ හලාවත ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32, 37, 39, 50 යන

වයස්වල අය වෙති. සැකකරුවන් දින 7 ක රැුඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
නාවික හමුදාව මගින් පසුගිය 01 වැනිදා දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු ධීවර යාත‍්‍රාවක් නිරීක්‍ෂණය කර එය 2 වැනිදා පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 200 කට අධික ප‍්‍රමාණයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා ඊයේ (4 දා) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
සැකකටයුතු ධීවර යාත‍්‍රාව හෙරොයින් සහ සැකකරුවන් සමග අත්අඩංගුවට ගැනීමේදී ඒ ආසන්නයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත‍්‍රාවක් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී හෙරොයින් තොග ගොඩබිමට රැුගෙන යාමට පැමිණි යාත‍්‍රාවක් බව හෙළිකර ගැනීමෙන් පසු එහි සිටි දෙදෙනකු සමග එම යාත‍්‍රාවද අත්අඩංගුවට ගත් බව ඒ මහතා කීය.
බොහෝවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ධීවරයන් සහ ධීවර බෝට්ටු උපයෝගී කරගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන බවට මේ වන විට සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී තිබෙන බවත් ඒ මහතා කීවේය. යම් හෙයකින් මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණය මගින් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබෙන නිසා මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ නොවන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නාවික හමුදාව ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු කීය.
සැකකරුවන් නාවික හමුදාව මගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමෙන් පසු දින 7 ක රැුඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (4 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
සැකකරුවන් සමග සැටලයිට් දුරකථන 01 ක්, ජංගම දුරකථන 7 ක්, ජී. පී. එස්. සන්නිවේදන උපකරණ 3 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිතින් මලූ 200 ක් තුළ දමා තිබූ හෙරොයින් තොගය පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 124 යි ග‍්‍රෑම් 166 ක් තිබූ බවද ගුණසේකර මහතා පැවසීය.
මෙම ජාවාරම පිටුපස මෙරට ප‍්‍රධාන ජාවාරම්කරුවන් තිදෙනකු සහ විදෙස්ගතව සිටින ජාවාරම්කරුවන් පිළිබඳව වැදගත් තොරතුරු රැුසක් හෙළි කරගෙන තිබෙන බවත් විදෙස් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීය. මෙම හෙරොයින් පකිස්තානයේ සිට රැුගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
2019 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, පොලිස් ස්ථාන මගින් හෙරොයින් කිලෝ 1638 යි ග‍්‍රෑම් 397 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු කීය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 35,702 දෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු කීය.
මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඩුබායි සිට අන්නාසි මොරිල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අංගොඩ ලොක්කා සමග එක්වී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු විසින් මෙම මත්කුඩු තොගය මෙරටට එවන්නට ඇතැයි සැකකෙරේ.
අන්නාසි මොරිල් නමැත්තා කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කලක් ඔහු අන්නාසි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබූ නිසා අන්නාසි මොරිල් ලෙස හඳුන්වනු ලබයි. ඔහුද මේ වන විට ඩුබායිහි පදිංචිව සිටින අතර ඔහු විසින් මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටුකර දුන් බවටද කරුණු සඳහන්වී තිබේ.
හේමන්ත රන්දුනු - චමින්ද සිල්වා

under the courtesy of divaina.com news web