Wednesday, November 13, 2019

"සර් ඔය වැඩේ කැතයි නේද? අපි ඕවාට කැමති නෑ.." - ගුරු මේසයේ ඇතිරිල්ලට මුවා කරගෙන පාසල් සිසුවියන් අපයෝජනය කළ විදුහල්පතිවරයාගේ කෙරුවාව ලිපියකින් මාට්ටු වූ හැටි 15,631 Views

රජයේ පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනෙකු පාසල තුලදි ගුරු මේසයේ ඇතිරිල්ලට මුවා කරගෙන අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල විශ්‍රාම යෑමට ආසන්න වයසේ පසුවන ප්‍රාථමික අංශ ගුරුවරයෙකු මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කරනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවටගත් හිදෝගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය දැරියන් තිදෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශයන් මත සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කල හිදෝගම පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර 55 හැවරිදි ගුරුවරයා කලක සිට වයස අවුරුදු 10ක් වන හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාරියන් තිදෙනෙකුට පාසල් පන්ති කාමරයතුලදි ලිංගික හිංසනයන් සිදුකර තිබෙන බවයි.

ගුරුවරයාගේ ලිංගික හිංසනයන් විදදරා ගැනීමට නොහැකිවු සිසුවියන් කිහිප දෙනෙකු එක්වි තමන් ඊට විරුද්ධ බව අගවන ලිපියක "සර් ඔය වැඩේ කැතැයි නේද? අපි ඕවාට කැමතිනෑ.." යන වදන් සහිත
ලිපියක් ලියා ගුරුවරයාට බාරදීමට කටයුතු කර ඇතත් එය වැලකි ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.

සැකකරුට ලියූ ලිපිය පාසල් පන්ති කාමරයේ ගුරු මේසය මතින් තබන්නට ඔවුන් උත්සහකර ඇතත් එම උත්සාහය ව්‍යාර්ථවිම නිසා සිසුවියක එම ලිපිය පොත් බෑගයේ දමාගෙන නිවසට රැගෙන ගොස් ඇති බවත් සිසුවියගේ මව පොත් බෑගය පරික්ෂාකල අවස්ථාවේ ලිපිය හමුවි දැරියගෙන් ඒ පිළිබදව විමසා පසුව ගුරුවරයාගේ නොහොබිනා ක්‍රියාකලාපය පිළිබදව නාච්චාදුව ප්‍රදේශිය ලේකම් කාර් යාලයේ ළමා සංවර් ධන නිලධාරියාට පැමිණිලි කිරිමෙන් අනතුරුව පොලිස් පරික්ෂන ආරම්භවු බව පොලිසිය අධිකරණයට දැන්වුවා.

සැකකරු තවත් සිසුවියන් කිහිප දෙනෙකුට පාසල් පන්තිකාමරය තුලදි අතවරයන් සිදුකර තිබෙන බව සිසුවියන්ගේ ප්‍රකාශමත තහවුරුවීම නිසා ඔවුගෙන් ඉදිරියේදි ප්‍රකාශ ලබා ගෙන සැකකරුට එරෙහිව තවත් චෝදනාවන් අධිකරණය හමුවේ ගොනු කිරීමට විමර්ශන සිදුකරනා බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වුවා.

සැකකාර ගුරුවරයා නිරන්තරයෙන් බාලවයස්කාරියන්ට ගුරු මේසයේ ඇතිරිල්ලට මුවාවි ලිංගික හිරිහැරයන් සිදුකිරිම නිසා දැරියන් කිහිප දෙනෙකු එක්වි ගුරු මේසයේ තිබු ඇතිරිල්ල වෙනස් කිරිමටත් කටයුතු කරතිබු බව අනාවරණය වුණා.

දෙදරු පියෙකුවන සැකකරු සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය තවදුරටත් පරික්ෂන සිදුකරමින් පවතිනවා.


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka