තරුණියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී එම තරුණියගෙන් රුපියල් එක්කෝටි දහඅට ලක්ෂයක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන සැකකරුවකු 15 දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා නියම කළේය.
සැකකරු භාරයේ තිබියදී අත්අඩංගුවට ගෙන ඇති පැමිණිලිකාරියට අයත් ලක්ෂ 50 ක් වටිනා කාර් රථය රුපියල් ලක්ෂ 50 ක ඇප බැඳුම්කරයක් මත පැමිණිලකාරියට මුදාහරින ලෙසටද නියම කෙරිණි. මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජේ. ඒ. චම්පික ශිරාන් ජයසුන්දර නමැති සැකකරුවා මෙසේ රිමාන්ඞ් භාරයට පත්
කෙරිණි. තරුණියන් රැුවටීම සඳහා ව්‍යාජ බැංකු ලේඛන, හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර සකසා දුන් වැල්ලම්පිටියේ පදිංචි මොහොමඞ් සාලි මොහොමඞ් අන්වර් යන සැකකරුවාද ලබන 15 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට නියම කෙරිණි.සැකකරු භාරයේ තිබියදී අත්අඩංගුවට ගෙන ඇති පැමිණිලිකාරියට අයත් ලක්ෂ 50 ක් වටිනා කාර් රථය රුපියල් ලක්ෂ 50 ක ඇප බැඳුම්කරයක් මත පැමිණිලකාරියට මුදාහරින ලෙසටද නියම කෙරිණි. මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජේ. ඒ. චම්පික ශිරාන් ජයසුන්දර නමැති සැකකරුවා මෙසේ රිමාන්ඞ් භාරයට පත්
ප්‍රධාන සැකකරු වන චම්පික ශිරාන් ජයසුන්දර නමැත්තා නම් දෙකකින් බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් අත්අඩංගුවට ගන්නා විට කාන්තාවන් රැුසක් සමග ජීවත්ව සිටි බවට පැමිණිල්ල මෙහෙයවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උ.පො.ප. හේමන්ත මහතා අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක නඩු 3 ක්ද විභාග මොහුට විරුද්ධව විභාග වන බවද එහිදී සඳහන් විය.
කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් දෙවැනි සැකකරු වන මොහොමඞ් සාලි නමැත්තාට විරුද්ධව නඩු පහක් විභාග වන බවටද අධිකරණයේ දී සඳහන් විය.
සැකකරුවන් දෙදෙනා සිදුකර ඇති වංචාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උ.පො.ප. හේමන්ත යන නිලධාරියා පැවසීය.
under the courtesy ofdivaina.com news web