Sunday, November 24, 2019

සෞදි ගිය බිරිඳ - වසර 15 ක් තිස්සේ සොයන ගලේවෙල සැමියෙකු කියන කතාව - Video


වසර 15 කට පමණ පෙර විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබියට ගිය තම බිරිඳ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ගලේවෙල ප්‍රදේශයේ තිදරු පියෙකු පවසනවා.

සෞදි අරාබියට ගොස් මසකට පමණ පසුව දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, ඉන් පසුව ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බවයි ඇයගේ සැමියා ප්‍රකාශ කළේ.

49 හැවිරිදි ටී.එම්.නීලමනී තෙන්නකෝන් මෙලෙස 2005 වසරේදී සෞදි අරාබියට ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගොස් ඇත්තේ සිය නිවස සාදා ගැනීමේ අරමුණින්.

තම බිරිඳ ගෙන්වා දෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද අවස්ථා කිහිපයකදීම ඇයගේ
සැමියා වන ආර්.එම්. සුරවීර ඉල්ලීම් කර තිබෙනවා.

එම කාන්තාවගේ දරුවන් තුන්දෙනා අතුරින් දියණිය වන 28 හැවිරිදි දිනූෂා හර්ෂනී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් බලධාරීන් වෙතින් ඉල්ලීමක් කළා.

ඇය කියා සිටියේ තම මව ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් පවතින බැවින් ඇය, හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා දීමට කටයුතු කරන ලෙසටයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka