ලෑලි නිවසක බිම නිදාසිටි 6 හැවිරිදි සිඟිති දරුවකු "තෙල් කරවලා" නමැති සර්පයකු විසින් සපා කෑමෙන් මරණයට පත්වීමේ ශෝකජනක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයකදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ උඩුබද්දාව පල්ලේවෙල පදිංචිව සිටි වර්ණකුලසූරියගේ නෙතුක සදෙව් නමැති සිඟිත්තෙක් බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධව මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‌ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර එහිදී සාක්‌ෂි දුන් මියගිය සිඟිත්තාගේ පියා වන වර්ණකුලසූරියගේ නුවන් සංජීව (29) යන අය පවසා සිටියේ,
"මියගොස් සිටින්නේ මගේ දෙවැනි දරුවා. පසුගිය16 වැනිදා රාත්‍රි 8.30 ට පමණ අපි හතර දෙනාම

නිදාගත්තා. මියගිය පුතා රාත්‍රි 12.30 ට විතර නැඟිටිලා වැසිකිළියට ගිහින් ඇවිත් කටින් සෙම දාන්න ගත්තා. අපි දරුවාව ඉක්‌මනට රෝහලට අරන් ගියා. ඒ වනවිට දරුවාට කල්පනාව තිබුණේ නැහැ. දරුවා කුලියාපිටිය රෝහලටයි අරන් ගියේ. එහිදී ඔහුගේ හෘදය නැවතී තිබූ බව කියා හාට් මසාඡ් එකක් දුන්නා. පසුව දරුවාව 23 වැනිදා කොළඹ ළමා රෝහලට මාරුකළා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා පසුගිය 24 වැනිදා උදේ 8.05 ට විතර මියගියා. මට මරණය ගැන සැකයක් නැහැ. මුල සිටම මාව වෛද්‍යවරුන් දැනුවත් කළා. ඔහු ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව මට කිව්වා. හෘදය නැවතී විනාඩි 5 ක් පමණ තිබූ නිසා මොළයේ සෛල ඒ වනවිටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් මට පැහැදිලි කර දුන්නා. අපේ නිවස ලෑලි ගැසූ කාමර දෙකක නිවසක්. උඩින් තහඩු ගසා තිබෙනවා. අපි නිදාගන්නේ බිම. දරුවාව තෙල් කරවලා නමැති සර්පයකු සපා කා ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දී තිබුණා. නමුත් අපිට සතාව සොයා ගැනීමට හැකි වුණේ නැහැ..."
කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. එන්. රාහුල් හක් මහතා විසින් මියගිය සිඟිත්තාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‌ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‌ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙම මරණය සර්පයකු කෑමෙන් එම විෂ ශරීරගතවීම හේතුවෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.