Friday, November 29, 2019

මුත්‍රා ලීටර 1/2ක් පමණ තම මුඛයෙන් ඉවත් කරමින්, උඩු ගුවනේදී අසාධ්‍ය වූ රෝගීයෙකු බේරාගත් වෛද්‍යවරයෙකු ලෝකයේම පැසසුමට ලක්වෙයි

චීනයේ සිට ඇමරිකාවේ නිව්යෝක් දක්වා මගින් රැගත් ගුවන් යානය පියාසර කරමින් තිබු අතර ඒ අතරතුර යම් කෙඳිරියක් ගුවන් මගියෙකු ගෙන් ඇසෙන්නට වූ අතර පසුව ඒ ගැන විපරම් කල මගීන්ට හා ගුවන් සේවිකාවන්ට දැකගත හැකිවුයේ වයස 70 ක පමණ ගුවන් මගියෙකු දැඩි අපහසුතාවයකින් පෙලෙන බවයි.

පසුව ගුවන් සේවිකාවන් ඒ මගියාට සහය වීමේ කටයුතු ඇරඹු අතර එහෙත් ඔවුන්ට අවබෝධ වුයේ ඒ ගුවන් මඟියා, වෙද්‍යවරයෙකු ගේ උපකාර අවශ්‍ය මට්ටමකට පත් වී සිටින බවයි.

අනතුරුව ගුවන් සේවිකාවන් මඟීන් අමතමින් ගුවන් යානය තුල වෙද්‍යවරයෙකු සිටි නම් පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ සමඟම ගුවන් යානය තුල සිටි වෙද්‍යවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර වෛද්‍යවරුන් දෙදෙනා රෝගී පුද්ගලයා පරික්ෂා කිරීමෙන් පසුව රෝගී පුද්ගලයා මුත්‍රා පිට නොවීමේ තත්ත්වයකින් දැඩි
අපහසුවෙන් පසු වෙන බව අවබෝධ කරගෙන තිබු අතර ඒ සදහා කඩිනම් මුත්‍රා පිටතට ගත යුතු බව අවබෝධ කර ගෙන තිබෙනවා.

එසේ නොවුවහොත් රෝගියා දැඩි අවධානමකට මුහුණ දීමේ තත්වයක් කරා ළංව තිබුණු බව ඔවුන්ට අවබෝධ වුණා.

එහෙත් ඒ සදහා ඔහුගේ මුත්‍රා කඩිනමින් ඉවත් කිරීමට කැතිටයක් අවශ්‍ය වූ අතර, ගුවන් සේවිකාවන් සොයා බැලීමේදී කැතිටයක් ගුවන් යානය තුළ තිබුණේ නැහැ.

පවතින තත්ත්වය මත එම මොහොතේ එය ඉතා අත්‍යවශ්‍ය වූ හෙයින් ඒ සදහා කඩිනමින් වෙද්‍යවරුන් දෙදෙනා එක්වී තාවකාලික ලෙස කැතිටයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන ලැබුවා.

ඔවුන්ගේ උත්සාහය යම් පමණකින් සාර්ථක වූ අතර, ඔවුන් කෙසේ හෝ කැතිටයක් තවකාලිකව නිර්මාණය කරගෙන තිබුණා.

ඒ සදහා ඔවුන් භාවිතා කලේ සිරින්ජරයක්, මුහුණ ආවරණය කරන උපකරණයකින් ගත් බටයක්.

පසුව තාවකාලිකව තනා ගත් මුත්‍රා ඉවත් කිරීමේ උපකරණය වෙද්‍ය ශැන් හොං රෝගියාගේ මුත්‍රා මාර්ගයට සම්බන්ධ කරනු ලැබුවා.

එහෙත් වෛද්‍ය ශැන් හොං බලාපොරොත්තු වූ පරිදි මුත්‍රා ඉන් පිටතට නොපැමිණි අතර ඒ සමගම රෝගියාගේ බිරිඳ හා ගුවන් සේවිකාවන් ගේ මුහුණ නැවත වඩාත් දුක්මුසු වෙන්නට වූ අතර රෝගියාගේ විලාපය වැඩි වන්නට වුණා.

එහෙත් ගත වුයේ නිමේෂයකි. සියලු දෙනා පුදුමයට පත් කරමින් වෙද්‍ය ශැන් හොං තමන් පිළියෙළ කල කැතිටය උරන්නට වූ අතර ඒ සමග මුත්‍රා පිටතට පැමිණි අතර එසේ තමන් උරා පිටතට ගන්නා රෝගියාගේ මුත්‍රා පසුව හිස් බෝතලයකට ඔහු කටින් ඉවත් කර එකතු කරනු ලැබුවා.

වෙද්‍ය ශැන් හොං මෙසේ නොකඩවා මිනිත්තු 37 ක් තුලදී රෝගියාගෙන් මුත්‍රා ලීටර 1/2යක් පමණ තම මුඛයෙන් ඉවත් කරමින් පසුව බෝතලයකට එකතු කල අතර ඒ තුලින් රෝගියාගේ තිබු අවධානම පහව ගොස් විලාප නැගීමද ක්‍රම ක්‍රමයෙන් නැවති සාමන්‍ය තත්ත්වයට පත් වූ අතර ඔහු කරදරයකින් තොරව ඇමරිකාව බලා ගමන් කිරීම අරඹා තිබෙනවා.

තමාට සිදුකල උපකාරයට රෝගියාත් ඔහුගේ බිරිඳත් වෙද්‍ය ශැන් හොං ට අනිත් වෙද්‍යවරයාටත් තම ස්තුතිය පුද කල අතර ගුවන් යානය තුල සිටි ගුවන් මගින් හා ගුවන් සේවිකාවන්ද වෙද්‍ය ශැන් හොං ට අනිත් වෙද්‍යවරයාටත් තම ගරුත්වයත් ස්තුතියත් පුද කර තිබෙනවා.

මේ ගැන වෙද්‍ය ශැන් හොං පවසන්නේ වෙද්‍යවරුන්ගේ යුතුකම වන්නේ රෝගීන්ට සහය වීම බවත් තමන්ද ඉටු කළේ, රෝගියෙකු වෙනුවෙන් තමන්ගේ යුතුකමක් හා වගකීමක් බවයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka