Sunday, October 13, 2019

“ජේසු සපත්තු” නමින් පාවහන් යුගලක් වෙළඳපලට

ශුද්ධ වූ ජලයෙන් පිරුණු පතුල් සහිත ජේසූ තුමන්ගේ ආනුභාව ලත් සපත්තු යුගලයක් යයි පවසමින් සපත්තු යුගලයක් ඩොලර් 3,000 මුදලකට විකුණා ඇත.

බෘක්ලින් හි නිර්මාණාත්මක ලේබලයක් වන MSHHF , නයික් (NIKE) එයාර් මැක්ස් 97 පාවහන් යුගලයක් ජේසුස් වහන්සේගේ ආනුභාව ලත් සපත්තු යුගලය නිපදවා ඇත.

මෙම පාවහන් යුගලයේ  රන් කුරුසයක්, බයිබලයෙන් පදයක් සහ  ක්‍රිස්තුස්ගේ රුධිරය ලෙස පෙන්වීමට රතු තීන්ත බින්දු දෙකක් යොදා ඇත.

එක් එක් සපත්තුවේ පතුල්  ජෝර්දාන් ගඟෙන් ලබාගත්  ශුද්ධ ජලයෙන් පුරවා ඇති අතර  ඒවා 
පූජකයෙකු විසින් ආශීර්වාද කරවා ඇත.

බයිබලයේ පදයක් සපත්තුවේ පැත්තකින් සඳහන් කර ඇත මතෙව් 14:25, (රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක.) ක්‍රිස්තුස්ගේ රුධිරය සංකේතවත් කරන රතු තීන්ත බින්දුවක් බැඟින් සපත්තු යුගලයේ දැකිය හැකිය.

මෙම නිර්මාණාත්මක ලේබලය යටතේ සපත්තු යුගලයක් පමණක් නිපදවූ අතර ශුද්ධ වූ ජලය අඩංගු “ජේසු සපත්තු” ලෙස නම් කරන ලද මෙම සපත්තු යුගල ඇමරිකානු ඩොලර් 3,000 (රුපියල් 542,099.91) ලෙස මිල කරන තිබු අතර එය වෙළඳ පොළට නිකුත් කර මිනිත්තු කිහිපයකින් විකිණී ඇත.

කාලයක් තිස්සේ ආගමික ශාස්තෘවරුන් හා උන් වහන්සේලාගේ රූප භාවිතා කරමින් විවිධ නිෂ්පාදන ලොවට හඳුන්වා දී ඇති අතර මෙවැනි ආකාරයේ සපත්තු යුගලයක් සඳහා ආගමික ශාස්තෘවරයෙකු වන ජේසුස් වහන්සේගේ නම ශුද්ධ බයිබල් පාඨයක්, කුරුසිය යොදා ගනිමින් වෙළඳපොලට නිකුත් කල පළමු අවස්ථාව වේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka