Monday, October 21, 2019

ගෙදර දී බලහත්කාරකමක් කරන්න හදලා පහර කා බිම වැටුණු ඇඟලූම් සේවිකාවගේ ඇඳුම් පුච්චලා සිරුර වැසිකිළි වළට දාලා

- තරුණිය ගෙදරට එන නිසා  සැකකරු බිරිඳ යවලා

- සැකකරු කොග්ගලට ගොස් ඇය රැගෙන  ගියා ද නැතිනම් ඇය කෙලින්ම සැකකරුගේ නිවසට ආවා ද සොයා පරීක්‍ෂණ

- විවාහක සැකකරු සමග  පේ‍්‍රම සම්බන්ධතාවක් තිබිලා

වැලිගම මුදුගම ප‍්‍රදේශයේ පදිංචි ඇඟලූ‍ම් සේවිකාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වී ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අහංගම නාකන්ද ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් ඉකුත් 18
වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් කරනු ලැබූ ප‍්‍රශ්න කිරිම්වලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැුසක් අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි.

අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැුඳවුම් නියෝගයකට අනුව සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කෙරේ.

මෙකී ඇඟලූ‍ම් සේවිකාව ඉකුත් 25 වැනිදා සිට අතුරුදහන්ව සිටි අතර අහංගම ද`ඩුඇළ ප‍්‍රදේශයේ නිවසක අත්හැර දමා තිබූ වැසිකිළි වළක තිබී ඇගේ සිරුරේ අස්ථි කොටස් පොලිසිය මගින් සොයාගනු ලැබීය. මෙසේ ඝාතනය කොට ඇත්තේ රාජදුරගේ මදුරි නිෂාදි (22* නමැති වැලිගම මුදුගම ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මෙකී ඇ`ගලූ‍ම් සේවිකාව කොග්ගල ප‍්‍රදේශයේ ඇ`ගලූ‍ම් කම්හලක සේවය කළ තරුණියකි. ඇය වැලිගම මුදුගම ප‍්‍රදේශයේ සිට ඇ`ගලූ‍ම් සේවිකාවන් ප‍්‍රවාහනය කරන බස් රථයෙන් ඇ`ගලූ‍ම් කම්හලට පැමිණියාය. ඇ`ගලූ‍ම් කම්හලේ සේවයට ගිය මෙම තරුණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තරුණියගේ මව විසින් හබරාදුව පොලිසියට ඉකුත් 25 වැනිදා පැමිණිල්ලක් කොට ඇත. ඒ අනුව හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රියන්ත උදයකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ඇ`ගලූ‍ම් සේවිකාවගේ අතුරුදහන් වීම ගැන පොලිසිය විසින් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය. මෙකී තරුණිය සමීපව ඇසුරු කළ ඇ`ගලූ‍ම් සේවිකාවන් කිහිපදෙනකුගෙන් ද පොලිසිය මේ සම්බන්ධව ප‍්‍රකාශ සටහන් කර ගත්හ. පසුව පොලිසිය ඇ`ගලූ‍ම් කම්හලේ සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා පරීක්ෂාකොට ඇත. මෙකී ඇ`ගලූ‍ම් සේවිකාව එදින සුපුරුදු පරිදි ඇය

ගමන් කරන ඇ`ගලූ‍ම් බස් රථයට ගොඩනොවී ගේට්ටුවෙන් පිටතට පැමිණි බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙකී ඇ`ගලූ‍ම් සේවිකාවගේ දුරකථන වාර්තා සහ මිතුරියක වන ඇ`ගලූ‍ම් සේවිකාවක විසින් ලබාදෙන ලද ප‍්‍රකාශයකට අනුව මෙම තරුණිය අහංගම නාකන්ද ප‍්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සැකසහිත තරුණයා පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේ දී ඔහු මෙකී තරුණිය සමග මෙම ඇ`ගලූ‍ම් කම්හලේ එකට සේවය කොට ඇති බව අනාවරණය වී ඇත. සැකකරු විවාහකයෙකි. ඔහු 2012 වර්ෂයේ යුද හමුදාවට බැඳී 2015 වර්ෂයේ දී නිත්‍යානුකුලව යුදහමුදාවෙන් ඉවත් වී ඇති බව පොලිසිය පවසයි.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් කළහ. මේ අතර පොලිසිය සැකකරුගේ ජංගම දුරකථයේ අංකයක් ලබාගෙන අධිකරණ නියෝගයක් මත ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව පරීක්ෂණ කටයුතු සිදුකළහ. මොහු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බව එහිදී අනාවරණය වී ඇත. පුද්ගලික් ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකරු ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව පොලිසිය මොහුගෙන් ඇ`ගලූ‍ම් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කර ඇත. තම බිරිඳ සමග අහංගම ද`ඩුඇළ ප‍්‍රදේශයේ කුළී නිවසක මාසයකට රුපියල් 7000ක කුලි මුදලක් ගෙවා පදිංචිව සිටි බව සැකකරු ප‍්‍රකාශ කර ඇත. සැකකරු ඇ`ගලූ‍ම් කම්හලේ සේවය කරන කාලයේ දී මෙකී තරුණිය සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ප‍්‍රකාශ කර ඇත. තරුණියගේ පාදයක ආබාධයක් තිබූ බව ද සැකකරු ප‍්‍රකාශ කර ඇත.

තරුණිය හමුවීම සඳහා අවශ්‍ය බවට සැකකරු ප‍්‍රකාශ කර ඇත. තමන් පදිංචිව සිටින කුළී නිවසට එන ලෙස සැකකරු තරුණියට පවසා තිබේ. 25 වැනිදා පස්වරුවේ තමන් රැුගෙන යාමට ඇ`ගලූ‍ම් කම්හල අසලට එන ලෙස තරුණිය ප‍්‍රකාශ කළ බවට සැකකරු පොලිසියේ ඉදිරියේ පාපොච්ඡුාරණය කර ඇත.

ඇ`ගලූ‍ම් සේවිකාව අහංගමට බස් රථයකින් ගොස් ඉන්පසු ත‍්‍රීරෝද රථයකින් සැකකරු පදිංචිව සිටි කුළී නිවසට ගොස් ඇති බව දැනට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඇ`ගලූ‍ම් සේවිකාව නිවසට එක බව පොරොන්දු වූ නිසා සැකකරු තම බිරිඳ එදින උදෑසන උපක‍්‍රමශීලීව ඇයගේ මහගෙදරට පිටත්කොට යවා ඇති බව ද පොලිසිය පවසයි. ඇඟලූ‍ම් සේවිකාව එදින පස්වරුවේ සැකකරු පදිංචිව සිටි කුළී නිවසට පැමිණ ඇත. එහිදී දෙදෙනා ඉතා සුහදව කතා බස් කොට ඇත. පසුව සැකකරු ඇ`ගලූ‍ම් සේවිකාවට බලහත්කාරකමක් කිරීමට උත්සාහ කර තිබේ. ඒ සඳහා ඇ`ගලූ‍ම් සේවිකාව කැමති වී නැති අතර පසුව සැකකරු ඇයට පහරවල් කිහිපයක් ගසා ඇති බව අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි. ඇ`ගලූ‍ම් සේවිකාව සිහිසුන් වී බිම වැටී ඇති අතර එහිදී සැකකරු ඇයගේ මුහුණට ජල බිංදු කිහිපයක් ගසා යළි සිහිය ලබා ගැනීමට උත්සාහ ක ඇත.

එසේ කිරීමට නොහැකි වීම නිසා සැකකරු ඇය ඇඳ සිටි ඇඳුම් අසල තිබූ කුණුගොඩකට දමා පුළුස්සා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුව සැකකරු විසින් නිවසේ තිබූ පාවිච්චියට නොගන්නා වැසිකිළි වළක කොන්ක‍්‍රිට් එක කඩා ඇය වළට දමා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වැසිකිළි වළ අඩි 20ක් පමණ ගැඹුරු එකක් බව ද පොලිසිය පවසයි. පසුව සැකකරු මෙම මස 05 වැනිදා නිවසේ හිමිකරුට නිවසේ යතුරුභාර දී ඉන් ඉවත්ව ගොස් ඇත.

සැකකරු කොග්ගලට පැමිණ මෙකී ඇඟලූ‍ම් සේවිකාව රැුගෙන ගියා ද නොඑසේ නම් ඇය සැකකරුගේ නිවසට ගියා ද යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකොට ඇත. ඇ`ගලූ‍ම් සේවිකාව පැළඳ සිටි රන්මාලය, අත්පළඳනාව, කරාබු ජෝඩුව, මුද්ද යන රන් භාණ්ඩ හා ජංගම දුරකථනයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පොලිසිය පරික්ෂණ ආරම්භකොට ඇත. සැකකරු තමන් එය නොගත් බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත.

ඇ`ගලූ‍ම් සේවිකාවගේ ඇ`දුම් පිළිස්සූ ස්ථානයේ තිබී ඇයගේ ඇඳුම්වල කොටස් කැබලි, ඩෙනිම් කලිසමක කොටස්, පාවහන් යුගළක කොටස් පොලිසිය මගින් සොයාගෙන ඇත. මෙකී තරුණිය ඇඳ සිටි රතු පැහැයට හුරු ‘වෙස්ට් එක’ අතුරුදහන් වූ තරුණිය බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. මෙකී ඇ`ගලූ‍ම් සේවිකාවට ආබාධිත සහෝදරයකු ද සිටින බව ද පොලිසිය පවසයි.

මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා විසින් සිදුකරනු ලැබීය. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන දිනේෂ් පිරිස්, මහානාම යන මහත්වරු හා චිත‍්‍රානි විරසිංහ මහත්මිය ඉදිරියේ ඇ`ගලූ‍ම් සේවිකාගේ සිරුරේ අස්ථිවල කොටස් ගොඩගනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දිනේෂ් පිරිස් මහතා විසින් සිදුකරනු ලබයි.

මියගිය ඇ`ගලූ‍ම් සේවිකාවගේ සිරුරේ සම්පුර්ණ අස්ථි කොටස් හමුවී ඇති බවත් එකි අස්ථි කොටස් ශුද්ධ කොට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ යුතු බවත් මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීම සඳහා සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

හබරාදුව පොලිසියේ ස්ථානාධිපති පො.ප ප‍්‍රියන්ත උදය කුමාර, පො.ප ආනන්ද, උ.පො.ප මදුසංක, පො.සැ (26617* මෙන්ඩිස්, පො.සැ (45375* සුජීව, පො.කො (74829* ගුණතිලක යන නිලධාරීහු මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

මස් දියවෙලා: ඇටකටු විතරයි පශ්චාත් මරණ පරීක්ෂණ  වාර්තා දෙන්න සතියක් යයි

- කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල

අහංගම ද`ඩුඇළ ප‍්‍රදේශයේ නිවසක අත්හැර දමා තිබූ වැසිකිළි වළක තිබී හමුවූ ඇ`ගලූ‍ම් සේවිකාවගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීම සඳහා සතියක පමණ කාලයක් ගතවිය හැකි බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල මහතා පවසයි.

ඇ`ගලූ‍ම් සේවිකාවගේ සිරුරේ සම්පූරණ අස්ථි කොටස් සොයාගත් බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. ඇ`ගලූ‍ම් සේවිකාවගේ අස්ථි කොටස් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ගෙන යන අතර පශ්චාත් මරණ පරීක්ෂණය තමන්ගේ අධික්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දිනේෂ් පිරිස් මහතා විසින් සිදුකරනු ලබන බව ද අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරඇල්ල මහතා සඳහන් කළේය.

මියගිය ඇ`ගලූ‍ම් සේවිකාවගේ සිරුරේ මස් දිය වී අස්ථි කොටස් පමණක් තිබූ බව ද අධිකරණ වෛද්‍යවරයා පෙන්වා දෙයි. ඇ`ගලූ‍ම් සේවිකාවගේ මරණය සම්බන්ධ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා විසින් සිදුකරනු ලැබීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන දිනේෂ් පීරිස්, මහානාම යන මහත්වරුන් හා චිත‍්‍රානි විරසිංහ මහත්මිය ඉදිරියේ ඇ`ගලූ‍ම් සේවිකාගේ සිරුරේ අස්ථි කොටස් ගොඩගනු ලැබීය.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි
under the courtesy of Divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka