Monday, October 28, 2019

ගුරු නේවාසිකාගාරයේ ‘ඩෝප් සීන්’ දැමූ සර්ලා උයන්න ආපු කම්කරුවා දණ ගස්වලා ගහලා - වැඩ බලන පොලිස්පතිට ලිපියක්

පාසල් නේවාසිකාගාරයක ගුරුවරුන් කිහිපදෙනකු මත්පැන් පානය කර පාසල් කම්කරුවකු දණ ගස්සවා අමානුෂික අන්දමින් පහරදීම හේතුවෙන් පාසල් කම්කරුවා රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වැඩ බලන පොලිස්පති එච්.ඒ.ජේ.එස් වික‍්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක් සිදු කරමින් ලිපියක් යොමු කර ඇත. එම ලිපිය ද මධ්‍යවේදීන් වෙත යොමු කර ඇත.

 පසුගිය 20 වැනිදා රාත‍්‍රී මහියංගණයේ පාසලක නේවාසිකාගාරයක මත්පැන් සාදයක් ගුරුවරුන් විසින් සංවිධාන කර තිබූ බවත් ඒ සඳහා ආහාර පිළියෙළ කිරීම සඳහා පාසල් කම්කරුවකු ලෙස සේවය කරන අයකු කැඳවාගෙන ඇති බවත් සාදය අවසානයේ බීමත් ගුරුවරුන් හතරදෙනකු උක්ත සේවකයා දණ ගස්සවා අමානුෂික අන්දමින් පහරදී වධ හිංසාවට ලක්කර ඇති බවත්, ගැටුම සමථයකට පත් කිරීමට ගිය නියෝජ්‍ය විදුහල්පතිවරයාට ද බීමත් ගුරුවරුන් පහර දුන් බවත් එම ලිපියේ සඳහන් වෙයි.

 පහරකෑමට ලක්වූ පාසල් කරම්කරුවා ඒ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් අධ්‍යාපන අනධ්‍යයන
සේවක සංගමය දැනුවත් කළ බවත්, යටි බඬේ වේදනවා හා මුහුණ ඉදිමීම, ඇවිදීමේ අපහසුතාවය හා මළ සමග රුධිරය පිටවීම හේතුවෙන් පසුගිය 25 වැනිදා ප‍්‍රතිකාර සඳහා මහියංගන මූලික රෝහල වෙත ඇතුළත්ව ඇති බවත් පහර දීම සම්බන්ධයෙන් විධිමත් විනිවිද භාවයකින් යුතුව පරීක්ෂණයක් සිදු නොකළ හොත් මහියංගණ අධ්‍යාපන කලාපයේත් ඉන් අනතුරුව රට පුරාත් අනධ්‍යන සේවක මණ්ඩලය සේවයෙන් ඉවත්ව වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යොමුවන බවත්, පහර දුන් ගුරුවරුන් අපක්ෂපාතීව කඩිනමින් අත් අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් වැඩ බලන පොලිස්පතිවරයා වෙත සංගමය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් දුරකථනයෙන් විමසූ විට ” විද්‍යාලයේ ගැටුමක් වෙලා. දෙපිරිස ගැටලූ‍වක් නැතුව දින කිහිපයක් හිටියා කියලා මට දැන ගන්න ලැබුණා. දින කිහිපයකට පස්සේ දැන් ඔය රෝහල් ගත වෙලා ඉන්න සේවකයාට අමාරු වෙලා රෝහල් ගත වුණා කියලා තමයි මට ආරංචිය ලැබුණේ. එය දැනගත්තාම අපේ ගුරුවරුන් කිහිපදෙනකුත් ඒ ගැන සොයා බලන්න රෝහලට ගිහින් තියෙනවා’’ යැයි ප‍්‍රකාශ කළේය.

 මේ සම්බන්ධයෙන් මහියංගන පොලිසියෙන් විමසීමක් සිදු කළ විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, එවන් වූ පහරදීමක් සම්බන්ධයෙන් කිසිඳු ගුරුවරයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ප‍්‍රකාශ කර සිටියේය.


under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka