Tuesday, October 22, 2019

තියුණු ආයුධවලින් පහරදී අගලවත්ත තිරිවානකැටියේ අඹුසැමි යුවළක් ඝාතනය කරලා

- මියගිය සැමියා ඝාතකයන් සමග පොර බදලා මූලික පරීක්‍ෂණවලදී හෙළිවෙයි

- අගලවත්ත පොලිස් වසමේ මහගම තිරිවානකැටිය වත්තේ පදිංචි අඹුසැමි යුවළක් නිවස තුළදීම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව අගලවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මහගම, තිරිවානකැටිය වත්තේ පලේකාත්තුව කොටසේ වතු නිවාසයක පදිංචිව සිටි කස්තුරිසිංහ ආරච්චිගේ

තිලකසිරි (52) සහ ජයවර්ධන ලියනගේ චාන්දනී ටෙක්ලා (55) යන යුවළකි.

මියගොස් සිටින තිලකසිරි නැමැත්තාගෙ බිරිඳ අතහැර ගොස් කලක් ගත වීමෙන් පසු මෙම කාන්තාව
සමග එකට දිවි ගෙවා ඇති අතර මිය ගිය කාන්තාව ද සැමියා හැර ගිය තිදරු මවක් බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

පසුගිය 19 වනදා රාත‍්‍රියේ මෙම ඝාතනයන් සිදුවී ඇති අතර එම අවස්ථාවේ මෙම අඹුසැමි යුවළ නිවස තුළ නිදාගෙන සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

සැමියා ඇඳක නිදාගෙන සිට ඇති අතර බිරිඳ බිම නිදාගෙන සිට ඇති බවත් මෙම ඝාතනය සිදුකරන අවස්ථාවේ සැමියා පොර බදා ඇති බවට සාක්ෂි තිබෙන අතර එම පොරබැදීමෙන් අනතුරුව ඔහුවද බිමට වැටී සිටියදී මියගොස් ඇති බවත් , පිරිමි පුද්ගලයාගේ ගෙලට සහ පිට ප‍්‍රදේශයට තියුණු ආයුධ පහරවල් එල්ලවී ඇති අතර කාන්තාවගේ

ගෙලට සහ මුහුණ ප‍්‍රදේශයට ආයුධ පහරවල් එල්ලවී ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

මෙම ද්විත්ව ඝාතණය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය මතුගම වැඩබලන මහේස්ත‍්‍රාත් බී. වී. විජේසේන මහතා විසින් සිදුකර මෘත දේහයන් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස 20 වැනිදා නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳව කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, මතුගම කොට්ඨාස 1 භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන්ගේ උපදෙස් අනුව අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එම්. විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මහිලාල් පද්මසූරිය - අගලවත්ත

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka