Sunday, October 27, 2019

ඡන්දේට කලින් තැන් තැන් වල ඡන්ද තියන්න එපා” – මහින්ද දේශප්‍රිය

මේ වන විට ඇතැම් පෞද්ගලික ආයතන තුළත් උපකාරක පංති තුළත් පූර්ව ඡන්ද විමසීම් පවත්වන බවත් එසේ කිරීමෙන් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා සමහර පෞද්ගලික ආයතනවල ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත්, ඒවායේ ප්‍රතිඵල සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කරන බවත්. මෙම කාර්යයේ බැලූ බැල්මට යම් වරදක් දැකිය
නොහැකි යැයි යමෙකුට හැඟී ගියත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ විධිවිධානවලට පටහැනිවන අවස්ථා ඇති බව ඒ අදාළ සියලු දෙනාටම දැනුම් දීමට කැමතියි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන වරදට, දූෂණ ක්‍රියා යටතේ ගැනෙන අයුතු බලපෑම නැමති වරදට මෙම කාර්යය අදාළ වෙනව. අනෙක් අතට සැබෑ ලෙස සමාජයේ තෝරා ගන්නා ලද සසම්භාවී නියැඳියකින් තොරව යම් ස්ථානයක සේවය කරන පිරිසක් නැතහොත් යම්කිසි උපකාරක පංතියකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සඳහා පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම එය වරදක්.

ඕනෑම ඡන්ද විමසීමකදී මුළු දිවයිනේම ඡන්ද විමසීම එක් දිනකදී පවත්වා එහි ප්‍රතිඵලය එක්වර නිදහස් කරන්නේ එක් ස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අනෙක් ස්ථානයට බලනොපෑ යුතු බැවින්. උදාහරණයක් වශයෙන් තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ සාමාන්‍ය ඡන්දදායකයන්ගේ ඡන්දය දී අවසන් වූවාට පසුවයි. එසේ නැතිවුවහොත් එහි ප්‍රතිඵලය අනෙකුත් ඡන්දදායකයන්ට බලපෑමක් විය හැකියි.

මේ නිසා මෙම පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය යුතුයි.”

ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහත් ප්‍රකාශ කර සිටියා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka