Sunday, October 13, 2019

පොලිසියට ගෙනියන්න එපා කියමින් වැඳ වැටුණ පෙම්වතුන් යුවළකට පොලිස් කොස්තාපල්වරයෙක් කරපු කැත වැඩේ

මුං වංගු ගහන්න හදන්නේ, රුපියල් 30000 තමයි දුන්නේ මොකද කරන්නේ..
පෙම්වතුන්ගෙන් 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක්...

පොලිසියට රැගෙන නොයන ලෙසට වැඳ වැටුණු තරුණ පෙම්වතුන් යුවළක් බියකර රුපියල් තිස් දහසක මුදලක් බලෙන් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් කොස්තාපල්වරයකු ගල්කිස්සේදී පෙරේදා (08) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස පොලිසියේ 119 හදිසි ඇමතුම් ඒකකයේ යතුරුපැදි ඒකකයේ කොස්තාපල්වරයෙක්.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනි
දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

පෙම්වතුන් යුවළ පිළියන්දල මැද්දෝවිට ප්‍රදේශයේ කාරයක සිට කතාබස් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් අයකු ඔහුගේ අසලට පැමිණ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට රැගෙන ගොස් නීතිමය කටයුතු කරන බවත්, එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදෙන ලෙස පවසා තිබූ බවට පොලිසිය සඳහන් කළා.

තමන් ළගඟ එතරම් මුදලක් නොමැති බවත් රුපියල් පනස් දහසක මුදලක් ලබා දීමට හැකි බව වැඳ වැටෙමින් පවසා තමන් නිදහස් කරන ලෙස ඔවුන් ආයාචනා කර තිබූ බව යි වාර්තා වන්නේ.

පසුව කොස්තාපල්වරයකු ඔවුන් සමගඟ කාරයෙන් බොරලැස්ගමුව බැංකුවක් අසලට ගොස් රැඳී සිටියදී පෙම්වතුන් පෞද්ගලික බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් රුපියල් තිස් දහසක මුදලක් ලබාගෙන කොස්තාපල්වරයාට ලබාදී එම මුදල පමණක් තිඛෙන බව ඔහු පවසා තිඛෙනවා.

එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයකුට ඇමතුමක් ලබා ගනිමින් මූ වංගු ගහන්න හදනවා. රුපියල් තිස් දහසක් තමයි දුන්නේ මොකද කරන්නේ, යනුවෙන් උපදෙස් පතා ඇතැයිද පැමිණිල්ලේ සඳහන්.

පැමිණිකාර පෙම්වතුන් යුවළ පොලිස් කොස්තාපල්වරයා ඔවුන් හා කතාබහ කළ දේවල් උපක්‍රමශීලීව ජංගම දුරකථනයේ සටහන් කරගෙන තිබූ බවද පොලිසිය පවසනවා.

පසුව පෙම්වතුන් යුවළ මේ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිසියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ බවට තොරතුරු ලැබී බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මව්බිම

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka