Tuesday, October 15, 2019

මට සමාවෙන්න මැණිකේ - මහ සෙනඟ මැද බිරිඳගේ අතින් අල්ලන් කරපු දේ

සෑම දිනකම අධික මත්පැන් පානය කර පැමිණ බැනවැදීම පහරදීම සම්බන්ධයෙන් ඉවසා දරා ගැනීමට බැරිම තැන සිය වයෝවෘද්ධ සැමියාට අපූරු පාඩමක් ඉගැන්වු අපූරු වයෝවෘද්ධ කාන්තාවක් පිළිබද කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

සිද්ධියට අධාල වයෝවෘද්ධ යුවලගෙන් කාන්තාවගේ වයස අවුරුදු 69 කි. වයෝවෘද්ධ පියාගේ වයස අවුරුදු 73 කි. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පිරිමි දරුවන් දෙදෙනා මහ ගෙදරට යාබදව නිවාස තනාගෙන විවාහ වී වෙනම පදිංචිව සිටියි. එකම දියණිය ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙක්
සමඟ විවාහ වී ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියි.

මෙම වයෝවෘද්ධ යුවල දරුවන් විසින් ගෙනත් දෙනු ලබන මුදල් හා වියලි ආහාර ගෙන උයා පිහා ගනිමින් සතුටින් ජිවත්වෙමින් සිටින බව ද වාර්තා වෙයි. වයෝවෘද්ධ යුවල සතුටින් ජිවත් වුවද සෑම දිනකම වයෝවෘද්ධ පියා හැන්දෑවට ගමේ මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටියි. සවස හතරට පසුවෙන කොට වයෝවෘද්ධ පියාට මත්ද්‍රව්‍ය නොමැතිව සිටිමට නොහැකිය. දරුවන් විසින් බිරිඳට දෙන මුදල්වලින් කීයක් හරි ඉල්ලාගෙන හෝ ගමේ තියෙන සුළු වැඩක් පලක් කර උප⁣යා ගන්නා සුළු මුදලින් වයෝවෘද්ධ පියා හැන්දෑවට තොලකට තෙමාගෙන නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියාය.

ඒ පැමිණෙන සෑම අවස්ථාවකදීම වයෝවෘද්ධ බිරිඳ උයා පිහා දෙන කෑම රස මදි බව පවසා හෝ කන්න බැරි බව දන්වා දෙදෙනා අතර කලක සිටම මත ගැටුම් පැවති බවද වාර්තා වෙයි.මේ පිළිබද දැන ගත් අසල පදිංචි පිරිමි දරුවන් දෙදෙනා අවස්ථා ගණනාවකදීම පියාට අවවාද කලද සත පහකට ගනන් ගත්තේ නැත. සිය වයෝවෘද්ධ සැමියාගේ ඇදුම් පැළඳුම් සොදා පිරිසිදු කර උයා පිහා දී කොපමණ හොද කළත් කෙලෙහි ගුණ නොදන්නා පුද්ගලයෙක් බව කලක සිට දැන ගත් වයෝවෘද්ධ කාන්තාව සිය සැමියාට පාඩමක් උගැන්වීට මීට දින කිහිපයකට ඉහතදී කටයුතු කළේය.
 
පසුව 08 දා සවස 3 ට පමණ වයෝවෘද්ධ පියා සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය පානය කිරීමට නිවසින් පිටව ගියාය. පිටව යනවාත් සමඟ වයෝවෘද්ධ කාන්තාව එදින කුස්සියේ හැලි මුට්ටි ටික ලිප ළග මුනින් අතට හරවා ලක ලෑස්ති වී අසල පදිංචි පුතෙකුගේ නිවකට දිව ගොස් ගම්පහ පදිංචි දියණියගේ නිවසට යන බව ලේලියට පවසුවාය.තවද තාත්තා පැමිණ තමා සොයා බැලුවොත් නොදන්නා බව ද දන්වන ලෙස ද දන්වා නිවසින් පිටත්ව ගියාය.

සවස 4.15 ට පමණ නිවසට පැමිණ වයෝවෘද්ධ තිදරු පියා නිවසේ දොර වසා ඇති බවත් බිරිඳ නිවසේ නොමැති බවත් අල්ලපු ඉඩමේ පදිංචි ලේලියගෙන් දැන ගත්තාය. තාත්තා හැමදාම බීගෙන ඇවිත් අම්මාට ගහනවා බනිනවා ඉවරක් නෑ කියලා අම්මා ගම්පහ පදිංචි නංගිලාගේ ගෙදර යනවා ආයේ එන්නෙ නෑ කියලා දැන් මේ ගෙදරින් ගියා. තව බස් එකක් ආවේ නෑ අම්මට කෑගල්ලට යන්න අම්මා තව පාරේ ඇති පුංචි ලේලිය වයෝවෘද්ධ පියා හමුවේ පැවසුවාය.

ලේලියගේ කීම අසා දැන ගත් වයෝවෘද්ධ තිදරු පියා සරමත් කරේ දමාගෙන පාරේ හතර අතේ යමින් බස් නැවතුම්පොළ වෙත දිව ගියාය. බස් නැවතුම්පොළට යන අවස්ථාවේදී ගමේ කිහිප දෙනෙක් සමඟ  බිරිඳ සිටිය බව වයෝවෘද්ධ තිදරු පියා දුටුවාය. "අනේ මැණිකේ මම ආයේ කවදාවත් බිලා ගෙදර ඇවිල්ලා රංඩු කරන්නේ නෑ. දැන් යං ගෙදර මට තනියම ගෙදර ඉන්නත් බෑ. මෙන්න මං වැන්දා මට සමාව දෙන්න මැණිකේ කියමින් වයෝවෘද්ධ පියා බස් නැවතුම්පොළ සිටි කිහිප දෙනාද සිනහගස්වමින් අතින් අල්ලාගෙන නිවසට යලි කැන්දාගෙන ගිය බවද වාර්තා වෙයි. එදා සිට මේ දක්වා ගත වු දින කිහිපය තුළ එකී පුද්ගලයා මත්ද්‍රව්‍ය පානය කිරීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව ද වාර්තා වෙයි.

under the courtesy of Mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka