Friday, October 25, 2019

රුපියල් පහකට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරයා

වෛද්‍යවරුන්ට අපි කතා කරන්නේ ජීවක යන ගෞරව නාමයකින්. ඒ වෛද්‍යවරුන් නොමැති නම් ලෝකයේම සෞඛ්‍ය පිරිහී යන හේතුව නිසයි. දිනකට විවිධ රෝගවලට ගොදුරු වන සහ අනතුරුවලට ගොදුරු වන මිනිස් සහ සත්ව ජීවිත දහස් ගණනකගේ දිවි රැකෙන්නේ උතුන් වෛද්‍යවරුන් ගේ පිහිටෙන්.

ඉතින් මේ කියන්න හදන්නේ ඒ වගේම ජීවකයෙක් ගැනයි.

ඉන්දියානු ජාතිකයෙක් වන මේ වෛද්‍යවරයා නමින් ශන්කර් ගව්ඩා ඒ වගේම චර්ම රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්.ඔහුගේ කිසිම දිනෙක පෞදගලික ස්ථානයක බේත් දෙන්නේ නැති බවයි වාර්තාවෙන්නේ.

ඔහු සෑම ඉරිදා දිනයන් හැර සතියේ ඕනෑම දිනයක
සවස 2 සිට රාතී 10 දක්වා කර්නාටක ප්‍රාන්තයේ මන්ඩ්‍යා නගරයේ තැපැල් හල අසලදී මහ මඟ තාප්පයක් උඩට වී රෝගීන් පරික්ෂා කරන බ්වයි වාර්තාවෙන්නේ.

නමුත් ඔහු අසරණ රෝගින්ගෙන් මහ විශාල මුදල් අය කරන්නේ නැති බවත් එන සෑම රෝගියෙකුගෙන්ම සොච්චම් මුදලක් වන ඉන්දියානු රුපියල් 5ක් පමණක් අය කරගන්නා බවත් පැවසෙනවා.

ඉන්දියාවේ කල්කටා වෛද්‍ය විද්‍යාලයෙන්  MBBS උපාධිය ලබාගෙන ඇති ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පිටවී තිබෙනේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයකින්.

රෝගීන්ට ඉතා කාරුණිකව සලකන මෙතුමන් රෝගීන්ට දමා ඇති එකම කොන්දේසිය වන්නේ කුමන තරාතිරමක වුවද අනිවාර්යෙන්ම ඒ සෑම රෝගියෙක්ම තමන්ගේ වාරය එනතුරු පෝලිමේ සිටීම පමණක් බවයි වාර්තාවෙන්නේ

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka