Monday, October 28, 2019

නගර සභා නිලධාරීන් විකිණීමට තබා තිබූ එළවළු රැගෙන ගියැයි අනුරපුර වෙළෙන්ඳෝ යාපනය මාර්ගය වසා උද්ඝෝෂණයක

අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරීන් පැමිණ, වෙළෙඳසැල් ඉදිරිපිට වෙළෙඳාම සඳහා තබා තිබූ තම භාණ්ඩ ට‍්‍රැක්ටර් රථවලට පටවාගෙන රැගෙන යෑමට විරෝධය පළ කරමින්, අනුරාධපුර පොදු වෙළෙඳ පොළේ වෙළෙඳුන් පෙරේදා (26 දා) අනුරාධපුර - යාපනය ප‍්‍රධාන මාර්ගය, මාකට් පෙදෙසින් අවහිර කර ටයර් පුළුස්සා උද්ඝෝෂණයක නිරත වූහ.

 පොදු වෙළෙඳපොළේ කිසිදු පහසුකමක් ඉහළ දමන්නේ නැති පසුබිමක, නගර සභාවට කුලී මුදල් ගෙවමින්, වෙළෙඳාම් කටයුතු කරන තමන්හට, අනුරාධපුර මහ නගර සභාව මෙසේ සැලකීම ලැජ්ජා සහගත බව උද්ඝෝෂකයෝ පැවසූහ.

 මෙහිදී අදහස් දැක්වූ වෙළඳ සැල් හිමියෙකු වන එස්. බුද්ධික මහතා පැවසුවේ,

 ‘‘මම අනුරාධපුර පොදු වෙළෙඳපොළේ එළවළු වෙළෙඳාම් කරනවා. හදිසියේ නගර සභා නිලධාරීන්
පැමිණ වෙළෙඳසැල් ඉදිරිපිට තබා තිබෙන භාණ්ඩ අනවසර යැයි පවසමින් ඉවත් කිරීමට කටයුතු කළා. ඒ වන විට මා නගරයේ හෝටල් කිහිපයකට රැගෙන යෑමට සූදානම් කර තිබූ එළවළු පාර්සල් බර කිරලා වෙන්කරලා තිබුණේ. නිලධාරීන් පැමිණ කිසිදු මානුෂීය පිළිවෙතක් නැතිව, එම එළවළු පාර්සල් නගර සභා ට‍්‍රැක්ටර්වලට පැටෙව්වා.’’

 උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අනුර කුමාර මහතා පැවසුවේ,

 ‘‘මම පැමිණෙන විටත් වෙළෙඳුන්, උතුරු මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වනවා. එහිදී මා නගරාධිපතිවරයාට හා නාගරික කොමසාරිස්වරයාට දුරකථනයෙන් කතාකර ඇතිව තිබෙන තත්ත්වය දැනුවත් කර ලබන 31 දා එම වෙළඳුන්ට නගරාධිපතිවරයා හා නාගරික කොමසාරිස්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ලබා දුන්නා. පසුව උද්ඝෝෂකයන් උද්ඝෝෂණය නතර කළා.’’

 මෙම උද්ඝෝෂණය හේතුවෙන්, අනුරාධපුරයේ සිට ගමන් ආරම්භ කරන යාපනය, ත‍්‍රිකුණාමලය හා නුවර ප‍්‍රධාන මාර්ග අවහිර වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබූ අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවකට පත්වූහ.

 උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ දී වහා එම ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් රථවාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යවා නගරයේ ඇති වූ රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කළහ.

 මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් (වැඩබලන) ඩබ්. එම්. සංජය ලක්මාල් මහතා පැවසුවේ,‘‘අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය තුළ ඇතැම් වෙළෙඳුන් පදික වේදිකාවේ භාණ්ඩ තබාගෙන වෙළෙඳාම් කරනවා. මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත් වෙනවා. පදික වේදිකාව නිදහස් කරන්න කියලා මේ වෙළෙඳුන්ට නගර සභාව මීට පෙර ලිඛිත දැනුම් දීමක් කළා. ඒ අනුව තමයි නගර සභා නිලධාරීන්, පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව ගොස් අනවසර භාණ්ඩ ඉවත් කළේ’’

 
under the courtesy of divaina.com  news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka