Tuesday, October 15, 2019

අනියම් බිරියට දාව උපන් දරුවාට උප්පැන්නෙ ගන්න විවාහ සහතිකය වෙනස් කරන්න ගිය තිදරු පියා පොලිසියට මාට්ටු

විවාහ සහතිකයක් වෙනස් කොට කූට ලේඛනයක් සකසා රෝහල් බලධාරීන් නොමඟ යැවීමට තැත් කළ පුද්ගලයකු මොනරාගල කොට්ඨාසයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගියදා (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු රාගම, මහර, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි තිදරු පියකු බව අනාවරණය වී ඇත.

සැකකරු මෙම කූට ලේඛනය සකසා ඇත්තේ තම අනියම් පෙම්වතියට තමන්ගෙන් උපන් දරුවාට අවශ්‍ය උප්පැන්නය සැකසීමට රෝහල ඔවුන්ගේ විවාහ සහතිකය ඉල්ලා සිටීම හේතුවෙනි.

සැකකරුගේ අනියම් පෙම්වතියද විවාහක තැනැත්තියක් බවත් ඇයද තිදරු මවක් බවද පොලිසිය කියයි.
සැකකරු මෙසේ වෙනස් කිරීමට ගොස් ඇත්තේ සැකකරුගේ අනියම් පෙම්වතියගේ විවාහ සහතිකය බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

සැකකරු මහර, නුගේගොඩ ප්‍රදේශයේ  පදිංචි තිස් අට හැවිරිදි තිදරු පියෙකි. මොහු මුහුණු පොත (ෆේස්බුක්) හරහා මාතර පිටබැද්දර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ මිතුරුකමක් ඇති කර ගෙන පසුව පෙම්වතුන් වී තිබේ. එම කාන්තාවද තිදරු මවක් බවත් ඇයටද පිළිවෙළින් වයස අවුරුදු දහසය, එකොළහ හා වයස අවුරුදු හත යන වයස් සීමාවල දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි. එම කාන්තාවගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවකු බව අනාවරණය වී ඇත.

කලක් හොර රහසේ පෙම්වතුන් ලෙස සිටි මොවුන් පසුව තම දරුවන් අතහැර දමා පැමිණ කාටත් රහසේ බුත්තල ප්‍රදේශයේ පදිංචි වී සිට තිබේ. මේ අතරතුර සැකකරුට දාව මෙම කාන්තාවට දරුවකු මොනරාගල මහ රෝහලේදී ලැබී තිබේ. එහි රෝහල් බලධාරීන් විසින් මෙම දරුවා ලියාපදිංචි කර උප්පැන්න සහතිකය සැකසීම සඳහා මෙම කාන්තාවගේ විවාහ සහතිකය හා ඔවුන් දෙපළගේ ජාතික හැඳුනුම්පත් ඉල්ලා ඇත.

සැකකරු හා මෙම කාන්තාව නීත්‍යනුකූලව විවාහ වී නොසිටීම හේතුවෙන් සැකකරු විසින් මෙම කාන්තාවගේ කලින් විවාහයේ විවාහ සහතිකය ගෙන එහි නම් වෙනස් කර කූට ලේඛනයක් සකසා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. මෙම විවාහ සහතිකය පිළිබඳව සැක සිතූ රෝහල් බලධාරීන් මේ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රෝහල් පොලිසිය මේ පිළිබඳව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ. කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර තම විවාහක බිරියට ඇගේ අනියම් පෙම්වතාට දාව දරුවකු මොනරාගල රෝහලේදී ප්‍රසූත කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඔහුද මොනරාගලට පැමිණ මේ පිළිබඳව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ. සැකකරු තමන් කූට ලේඛනයක් සැකසූ බවට පිළිගත් බවද පොලිසිය කියයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ගේ කලින් බිරිය යක්ෂණියක් බඳු කාන්තාවක් නිසා තමන් ඇය අතහැර මෙම කාන්තාව සමඟ පැමිණ එකට සිටි බවයි.

අත්අඩංගුවට පත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.


 under the courtesy of Mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka